ඊයේ වෙන්දේසිය සඳහා දින 91, 182 හා 364 පරිණත කාලවලින් යුත් භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 2,000 බැගින් නිකුත් කෙරුණු අතර එහිදී දින 91 සඳහා රුපියල් මිලියන 1,830 ක්, දින 182 සඳහා රුපියල් මිලියන 4,615 ක් හා දින 364 සඳහා රුපියල් මිලියන 3,525 ක් පරිදි වටිනාකම්වලින් යුතු බිල්පත් නිකුත් කිරීම සඳහා මහ බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 6,000 ක බිල්පත් ඉදිරිපත් කෙරුණ ද, නිකුත් කර තිබෙන මුළු බිල්පත් ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් මිලියන 9,970 කි.
මෙහිදී දින 182 පරිණත කාලය සහිත භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොළිය 6.4% සිට 6.3% දක්වා ද, දින 364 පරිණත කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය 6.92% සිට 6.86% දක්වා ද පහළ බැස තිබේ. දින 91 පරිණත කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා නියම වූ පොළී අනුපාතිකය 6.06%කි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, රජයේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වසරක් හෝ ඊට අඩු පරිණත කාලවලින් යුතු භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබයි. මෙහිදී තීරණය වනු ලබන පොළී අනුපාතික, වෙළෙඳපොළ පොළී අනුපාතික කෙරෙහි සෘජු බලපෑමක් කරන අතර මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරකම් කෙරෙහි ද එයින් බලපෑමක් සිදුකෙරේ.