මෙම ආයතනය වෙත මූලික අදියරේ දී ප්රාග්ධනය වශයෙන් රුපියල් මිලියන 10 ක් සහ වසර 5 කින් කල්පිරෙන රුපියල් බිලියන 25 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ලබා දීමට රජය කටයුතු කරනු ලබයි.
මෙහිදී ප්‍රතිව්‍යූහගත කරන මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අධීක්ෂණයට යටත් වනු ඇත. මේ සඳහා ප්‍රවේශයක් ලෙස තැන්පත්කරුවන්ට ආරක්ෂාව සහ සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 100% ක ඇපකරයක් සියලූම ලියාපදිංචි මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් සඳහා 2016 ජනවාරි මස අග භාගයේ දී ලබා දීමට නියමිතය.
මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නවතම අයවැය යෝජනාවල මේ පිළිබඳ සඳහන් වේ.