නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ වසර 3 යි මාස 10යි, වසර පහයි මාස 10 හා වසර 12 යි මාස 8 කින් කල් පිරෙන ලෙස රුපියල් බිලියන 13 ක බැදුම්කර නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බව ය.
මේ සඳහා රුපියල් බිලියන 33 ක ලංසු ලැබී තිබුණ ද ඉන් කිසිදු මුදලක් මහ බැංකුව ලබා නොගැනීම විශේෂත්වයකි.
මේ අතර ලංසු කැඳවීමකින් තොරව මහ බැංකුව රුපියල් බිලියන 50 ක බැදුම්කර නිකුත්කර ඇතැයි මාධ්‍ය අද වාර්තා කර තිබිණ.
2020 දී කල්පිරෙන බැඳුම්කර නිකුත්තුවකදී මෙම ගනුදෙනුව සිදුව ඇතැයි එම වාර්තාවල සඳහන්.
මේ පිළිබඳව මහ බැංකුවෙන් ප්‍රතිචාරය විමසීමට දැරූ උත්සාහය අසාර්ථක විය.