[size=39]මෙරට සංවර්ධන ක්‍රියාවලියට ADB සහයෝගය තවදුරටත්[/size]
biz_man
Top News, Uncategorized
January 24th, 2016
0 Comments
61 views
X
ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පුද්ගල ස්වාධීනත්වය යනාදී කරුණු සම්බන්ධයෙන් විශිෂ්ට සාධනීය ප්‍රතිඵල මේ වන විට අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවත්, ඉදිරියේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාව ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ADB සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාව වෙත ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දෙන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් එළඹෙන මාසයේ දී පැවත්වීමට කටයුතු කරන බව ද නකාඕ මහතා මෙහිදී පැවසීය.
ඡායාරූපය – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකාඕ මහතා හමුවූ අවස්ථාව