මේ අනුව පසුගිය වසරේ (2015) මුල් මාස හතරට සාපේක්ෂව සියයට 20 කින් සංචාරක පැමිණීම් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබිණි. එම රටවලින් ඉකුත් අප්‍රෙAල් මස පැමිණි සංචාරකයන් ප්‍රමාණය මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 53.1 කට දායක වී ඇතැයිද එහි සඳහන්ය.
මේ අනුව අප්‍රේල් මාසයේදී විදෙස් සංචාරකයන් 136367 ත් දෙනෙක් පැමිණ තිබුණු අතර එය ගිය වසරේ (2015) අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 11.6 ක වර්ධනයක් විය.