මීට අමතරව මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තු රැස්වීමකට පැමිණීම වෙනුවෙන් දිනකට ගෙවූ රුපියල් පන්සීයක දීමනාවද රුපියල් දෙදහස් පන්සීය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව එක් මන්ත්‍රීවරයකුට මසකට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව ලෙස රුපියල් විසිදහසක මුදලක්ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද, ඡන්දදායකයන් වෙනුවෙන් ආසනයේ කාර්යාලයක් පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්ෂයක දීමනාවක්ද හිමිවනු ඇත.
කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මන්ත්‍රීවරුන්ට මෙම දීමනා ලබාදීමේ යෝජනාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මේ බැව් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා විසින් ප්‍රකාශ කරනු ලැබිණි.
මහජන සේවකයන් ලෙස පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව උදෙසා සේවය කිරීමට නම් අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද එසේ නොමැති වූවොත් සිදුවන්නේ මහජනතාවගේ අවශ්‍යතා වෙනුවට මුදලාලිලාගේ අවශ්‍යතා ඉටුකිරීම බවද චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී කීවේය.
http://www.divaina.com/2016/11/30/news04.html