පසුගිය වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම වුයේ රු. බිලියන 959 කි.
රාජ්‍ය ආදායම බහුලව එකතු කරන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවල කාර්යක්‌ෂමතාවය වැඩි කිරීම හේතුවෙන් මෙම ආදායම් වැඩි කර ගැනීමට අවස්‌ථාව ලැබී ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආදායමේ වැඩිම ප්‍රතිශතයක් ලැබී ඇත්තේ බදු ආදායම් ලෙසය. වසරේ මුල් මාස නවය තුළ බදු ආදායම රු. බිලියන 1067 ක් වූ අතර පසුගිය වසරේ මුල් මාස නවය තුළ එය රු. බිලියන 882 ක් විය. මේ අනුව බදු ආදායම 2016 මුල් මාස නවය තුළ සියයට 22 කින් වැඩි වී ඇත.
පසුගිය වසර කිහිපයක් මුළුල්ලේ සමස්‌ත රාජ්‍ය ණය වැඩිවීම හේතුවෙන් රාජ්‍ය ආදායම පුනරාවර්තන වියදම් ආවරණය කර ගැනීමට පවා ප්‍රමාණවත් නොවීය. එහෙත් 2014 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 ක් ව තිබූ රාජ්‍ය ආදායම වසර අවසාන වන විට සියයට 13.5 දක්‌වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඒ අනුව මෙම වසරේ දී රාජ්‍ය ආදායම තුළින් පුනරාවර්තන වියදම ආවරණය කර ගැනීමට හැකි වීම රට සංවර්ධනය කරා යොමු වීමේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන බවට හොඳ ම සාධකයක් වී ඇතයි මුදල් අමාත්‍යවරයා පැවසීය.
2016 ජනවාරි සිට සැප්තැම්බර් දක්‌වා වූ මාස නවය තුළ රාජ්‍ය ආදායම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය ද අඩු වී ඇත. පසුගිය වසරේ මාස නවය තුළ රු. බිලියන 573 ක් ව පැවති අයවැය හිඟය මේ වන විට රු. බිලියන 506 දක්‌වා අඩු වී ඇත. මෙය රජයේ මූල්‍ය විනය හා පරිපාලන ප්‍රතිසංස්‌කරණයේ සාධනීය ප්‍රතිඵල වේ. ඒ අනුව අයවැය හිඟය ඉලක්‌කගත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5.4 % දක්‌වා අඩු වනු ඇත.
මේ අතර බදු අය කිරීමේ දී සෘජු බදු අය කිරීමේ ක්‍රමවේදය දැනට පවත්නා 20% - 80% යන සෘජු හා වක්‍ර බදු අනුපාතය 40% - 60% අනුපාතය දක්‌වා වැඩි කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටී.