අද (16) දින බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී මෙම සාකච්ඡුා පැවැත් විය.
මෙහිදී චීන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ප්‍රවාහන, මූල්‍ය හා වාණිජ ආදී අංශයන් මූලික කොට ගනිමින් ආසියාවේ ආර්ථිකය හා තරඟකාරී තත්ත්වයකට පත්වීමටත්, ඒ ඔස්සේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වීමටත් අවශ්‍ය සහයෝගය සහ උපකාරය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට චීන රජය සූදානම් බවයි.
ඒ සඳහා අවශ්‍ය ආයෝජන පරිසරය ශ්‍රී ලංකාවේ සකස් කළ යුතු බව අවධාරණය කළ චීන අග්‍රාමාත්‍යවරයා පැවසූයේ තිරසර ස්ථාවරත්වයක් සහ ශක්තිමත් නෛතික රාමුවක් නිර්මාණය වන්නේ නම්, ලෝකයේ බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ අයෝජන සඳහා එක්වනු ඇති බවයි.