කොතෙකුත් සැඟවීමට හැදුවත් ඉන් දු ලංකා ගිවිසුම අනුව ලංකාවේ බොහෝ වෘත්තීන් සඳහා ඉන් දියානුවන් බඳවා ගැනීමේ අවස්‍ථාව උදාවෙන බව පැහැදිලිය.
මෙය වත්මන් හා අනාගත ලාංකීය වෘත්තිකයන් ට හානි කර ලෙස බලපාන්නේ ඔවුන් සතු සීමිත අවස්ථා අඩු වැටුපට සේවය කරන දහස් ගණන් ඉන් දියානුවන් විසින් පුරවාලන බැවින් බව මෙයට විරුද්ධ වන්නන් ගේ මතයයි.
මෙම ගිවිසුම වෙනුවෙන් සේවය සලසන හා පසුගිය දිනවල රූපවහිනී සංවාද වලට පැමිණ කරුණු දක් වන මහත්වරුන් ගේ වටින් ගොඩින් කියූ කතා අනුව ගිවිසුමෙන් බලා පොරොත්තු වන ඉතා වැදගත් සාධනීය කරුණක් තිබේ. මෙය ආයෝජකයින් වශයෙන් අපට ඉතා වැදගත් කරුණකී.
එනම්, මෙම ගිවිසුමෙන් පසු ලංකාවේ නිශ්පාදන විදෙස් වෙළෙඳ පලට තරගකාරී ලෙස ඉදිරිපත් කලහැකි වන ලෙස අපේ නිශ්පාදන මිල විශාල ලෙස අඩු වන බවය.
වටින් ගොඩින් කියූ මෙම සාධනීය කරුණ යම් යම් හේතු නිසා ගිවිසුමට පක්‍ෂ නිළධාරීන් හා දෙශපාලකයන් එලිපිට එක එල්ලේ කතාකිරීමෙන් වැළකී ඇති බව පෙනේ.
ලංකාවේ අපනයන ප්‍රමාණය හා ආදායම ඉහල නංවා ගැනීමට ඇති මහත් බාධකයක් වන්නේ අපේ නිශ්පාදන පිරි වැය ඉහල වීමය. එහි වැඩි බරක් වන්නේ සේවක වැටුප් ගෙවීම් ය.
ලංකාවේ අවම දෛනික වැටුප දැන් රුපියල් 1200 හෝ ඊට වැඩි වී ඇත.
2015 ජුලි වැඩිකිරීම අනුව ඉන් දියාවේ දෛනික වැටුප ලංකා රුපියල් 320 කි.
මෙම වාසිය අප ලබා ගත යුතු බව බලවත් ව ගෙන එන මතයකි.
ලංකාවේ අපනයන නිශ්පාදන වන රබර්, තේ, ටයිල්, කුලු බඩු, පොල් ආශ්‍රිත නිශ්පාදන, වී පලතුරු එළවලු ආදී ආහාරවගාවන්, විදුලි උපකරණ, කුකුළු මස්, ධීවර ආදී නිශ්පාදන වල අද දරන්නට වී ඇති අධික සේවක වැටුප් ඉන් දීය සේවකයන් යෙදවුවහොත් සෑහෙන ප්‍රමා ණයකින් අඩු කර ගැනීමට හැකි වේ.
උදා හරණයක් ලෙස සහල් කිලෝවක නිශ්පාදන මිල රුපියල් 25-30 කින් පමණ අඩු වෙනු ඇත. රුපියල් 80/kg මිල රුපියල් 55 දක්වා අඩු වෙනු ඇත. (අද සහල් නිශ්පදනයේ 70% ක් ම වැය වන්නේ වැටුප් ගෙවීමටය. පොහොර සහනාධාරය සහිතව)
ඒකක භාන්ඩයක නිශ්පාදන පිරිවැය මෙසේ අඩූවන විට විදෙස් වෙළ්ඳ පලට තරග කාරී ලෙස පිවිසීමට හැකි වනු ඇත. වැඩි දුරකට නොව ඉන්දියාවටම අපේ අපනයනයන් යැවිය හැකි මට්ටමට මිල මට්ටම් අඩූ වෙනු ඇත.
මෙහි මද්‍යම-දිගු කාලීන ප්‍රතිඵලය නම් රටේ අපනයන ආදායම සීග්‍රයෙන් ඉහල ගොස් ගෙවුම් ශේෂ ගැටලුව සෞම්‍ය වී සමස්ථ ආර්ථිකය ඉහල මට්ටමකට ඒමයි.
රනිල් වික්‍රමසිංහ ශ්‍රීමතාණන් ගේ හා ඔහුගේ ආර්ථික උපදේශක උගතුන් ගේ දැක්ම ක්‍රියාත්මක කිරීම නිසා අපේ රට මද්‍යම පාන්තික ආදායම ලබන රටක මට්ටම පසුකර වැඩි ආදායම් ලබන දියුණු රටක් බවට පත්වීමට නියමිතය. එහි සරු ඵල ලැබෙන්නේ ජනතාවටය. අපගේ සිහිනයන් වන උමං දුම් රිය, නිවසේ සිට විනාඩි 7-8 න් කොළඹ ආ හැකි අහස් දුම් රිය ආදිය ඉක්මනින් ම යථාවක් වෙනු ඇත.
මෙය සාර්ථක වුවහොත් මට හිතෙන ලෙස නුදුරු අනාගතයේම අපගේ නිවෙස් වල ගෘහ සේවිකාවන්, රියැදුරන් ලෙස පවා පියකරු ඉන්දීය තරුණ තරුණියන් සේවය කිරීමට එනු ඇත. එවිට අප කාන්තා පක්‍ෂයේ මෙන්ම පුරුෂ පක්‍ෂයේද ජිවන තත්වය තවත් වැඩි වෙනු ඇත. ( ඉන්දියාවෙන් ගෙන්වන ටෙලි නාට්‍ය වල චිත්‍රපට වල ඉන්නෙ අන්න ඒ වගේ අය එනව නම් අකමැතියි කියන්නෙ කොහොමද ? )
අපනයනයට බාධා කාරී වී ඇති ලාංකික නිශ්පාදන වල අධික පිරිවැය ගැන නොයෙක් විට සාකච්ඡා කෙරී ඇතත් මෙතෙක් කල් කිසිදු විසඳුමක් දෙන්නට කිසිවෙකුට හැකි නොවුණි. ඒ නයින් බලන කල CEPA/ETCA නිසා උදා වන්නේ නව යුගයකි.
රැකියා දශ ලක්‍ෂයක් ලැබීම කෙසේ වෙතත් ඉන්දීය සේවකයන් යොදා ගතහොත් අපේ නිශ්පාදන වල මිල බොහෝ අඩුවන නිසා දැනටම සමහර මහා පරිමාන ආයතන වල ඉහල මට්ටමේ අය මෙම ගිවිසුම ක්‍රියාත්මක වීම ගැන බලාපොරොත්තු තියාගෙන සිටිති.
මෙවැනි ලැයිස්තු ගත සමාගම් සොයා බලා කොටස් මිලට ගැනීම අනාගතයේ දී වාසි දායක වනු ඇත.