කතන්දර තුනක්
================
1. අනුරට මාසෙ වියදමට සල්ලි අඩුපාඩුවක් වෙලා. රුපියල් 10,000 ක් ණයට ගන්න ඕනෙ. අනුර යාලුවො කීප දෙනෙක්ගෙන් සල්ලි ණයට ඉල්ලනවා. බන්දු කියනවා මම 5,000 ක් දෙන්නම්, අවුරුද්දකට පස්සෙ 5,000 යි, 10% ක පොලියකුයි දෙන්න කියල. චාමර කියනවා මම 5,000 ක් දෙන්නම්, අවුරුද්දකට පස්සෙ 11% ක පොලියක් එක්ක මුදල දෙන්න ඕනෙ කියල. දසුන් කියනවා මම 30,000 ක්ම දෙන්නම්, හැබැයි පොලිය 14% යි කියල. හැබැයි කතන්දරේ මේකයි, මේ යාලුවො ඔක්කොම අතේ තියන සල්ලි නෙවෙයි දෙන්නෙ. එයාලට පුළුවන් බැංකුවකින් 9% පොලියට ණය ගන්න. (හැබැයි අනුරට 9% පොලියට ණය ගන්න බෑ, ඇපකාරයෙක් නැති නිසා කියල හිතන්නකො.) අනුරට 10,000 ක් ඕනෙ නිසා බන්දුගෙන් 5,000 යි, චාමරගෙන් 5,000 යි ගන්නවා. දැන් අනුරගෙ පාඩුව කීයද?
.
අනුරගෙ පාඩුව හොයන්න බෑ. අනුර කරල තියෙන්නෙ තමන්ට අඩුම වියදමෙන් ණය හොයාගත්ත එකනෙ. ඒ නිසා ඒකෙ පාඩුවක් නෑ. නමුත්, කවුරු හරි මෙහෙම කියන්න පුළුවන්. බන්දුයි, චාමරයි බැංකුවෙන් ණය ගත්තෙ 9% පොලියට. ඒත් අනුරට දුන්නෙ 10% සහ 11% පොලියට. ඒ නිසා අනුරට වැඩි පොලියට ණය දුන්න නිසා අනුරට පාඩුයි කියල. එහෙම පාඩුව හොයන්න පුළුවන් අනුරට කෙලින්ම බැංකුවෙන් ණය ගන්න පුළුවන් නම් විතරයි. එහෙම බැරි අවස්ථාවක, පාඩුව හොයන එක කිසිම තේරුමක් නැති වැඩක්.
.
වෝහාරික විගණන වාර්තාවෙ මහ බැංකුවෙ පාඩුව හොයල තියෙන්නෙත් ඔන්න ඔය විදියටයි.
.
2. අනුරගෙ මස්සිනා ගාමිණී. ගාමිණීගෙ ක්‍රිබ් ස්කෝර් එකත් හොඳයි, එයාට බැංකුවෙන් ණය ගන්නත් පුළුවන්. ඒ නිසා එයා අනුරට කියනවා මම 10,000 ම දෙන්නම්, හැබැයි මට 10 % ක පොලියක් ගෙවන්න ඕනෙ කියල. අනුර යාලුවන්ගෙන් ඉල්ලන්නෙ නැතුව කෙලින්ම ගාමිණීගෙන් ණය ගන්නවා. දැන් මෙතනත් අනුරගෙ පාඩුව හොයන එක ගොන් වැඩක්නෙ. නමුත් අපිට ගාමිණීගෙ ලාභය හොයන්න පුළුවන්. ගාමිණීගෙ ලාභය අනුරගෙ පාඩුව කියල කෙනෙකුට කියන්නත් පුළුවන් (වැරදියට හෝ.) හැබැයි ගාමිණීගෙ ලාභය අනුරලගෙ පවුල ඇතුලෙම රැඳිල. යාළුවන්ගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතිව, මස්සිනාගෙන් සල්ලි ඉල්ලපු එක වැරදිද? ගාමිණී ලාභයක් ගත්ත එක වැරදිද?
.
වෝහාරික විගණන වාර්තාවෙ 2005-2015 ඇතුලත ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කරපු එකේ පාඩුව හොයල තියෙන්නෙත් මේ වගේ තමා. ලාභ ලබල තියෙන්නෙ රජයේ ආයතනමයි. ඒ වුනාට ඒක "පාඩුවක්" විදියට ලොකුවට පෙන්නලා තියනවා.
.
3. අනුරට ඕනෙ 10,000 යි. ඒත් අනුරගෙ අනියම් පෙම්වතිය, චාරුණීගෙ කීමට අනුර 10,000 වෙනුවට, 30,000 ක් ම දසුන්ගෙන් ගන්නවා. හැබැයි 14%පොලියට. (දසුන් චාරුණීගෙ අයියා). අනුරට තමන්ට ඕනෙ 10,000 සාපේක්ෂව අඩු පොලියට බන්දු සහ චාමරගෙන් ගන්නෙ නැතිව වැඩි පොලියට දසුන්ගෙන් ගන්න එකේ අවුලක් පේනව නේද? ඕනෙ ප්‍රමාණයටත් වඩා වැඩිපුර ගත්ත එකයි, වැඩි පොලියට ගත්ත එකයි අවුල් නේද? දසුන්ට 9% ට ණය ගන්න පුළුවන් නිසා, දසුන් අයුතු ලාභයක් ලබනව නේද? අනුරට 10% ට සහ 11% ට ණය ගන්න පුළුවන්කම තියෙද්දි, 14% ට ණය ගත්ත නිසා, අනුරට ඇත්තටම පාඩුවක් වෙලා නේද?
.
2015 පෙබරවාරි 27 අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් එකතු වෙලා කළෙත් ඔන්න ඔය වගේ වැඩක්. 1 සහ 2 කතන්දර පාඩු නොවුනට, 3 කතන්දරේ පාඩුවක් වෙන්නෙයි, ඒක හොරකමක් වෙන්නෙයි ඇයි කියල තේරුම් ගන්න පුළුවන්ද?
.
ඇත්ත කතන්දරේ මෙච්චර සරල නෑ. නමුත් අදහස මේකයි.
-නදිප ව්ක්‍රමගේ-
https://www.facebook.com/1387885554848173/posts/2288516591451727/?d=n