මානව හිමිකම් සැසියේදී රටවල් 21ක සහාය ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට අදාළව රටවල් 21ක නියෝජිතයින් ඊයේ (25) ශ්‍රී ලංකාවට පක්ෂපාතීව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබුණි.
ඒ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රටවල් 38ක් සිය ස්ථාවරය ප්‍රකාශ කළ අවස්ථාවේදීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (25) රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කර තිබුණි.
එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය,අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළකර තිබුණි.https://www.youtube.com/watch?v=bJgStQjkYHE&feature=emb_logo