2021 අපේ කොටස් වෙළ්දපල සමාගම් ඉහලම ලාභ පෙන්නුවා මේ කාලයේ එන්න තියන කාර්තු වාර්තත් ඉතා හොද වෙන්න පුලුවන් බවයි බොහෝ අය ගේ විශ්වාසය මේ දින 3-4 වෙන පහල යෑම් වලට කලබල වෙන්න එපා ,ආපහු මාර්කට් එක කොළ පාටට හැරෙන්න පටන් ගනී -ආපහු ටික දවසකින් ආපහු රතු දවස් එයි -මාරකට් වල හැසිරීම එහෙමයි .
· සමහර මාර්ජින් සපයන ආයතන වලින් මේ මාසයේ සිට තම අරමුදල් වලින් 30% වඩා එක සමාගමක කොට මිලයට ගන්නට යොදා නොගන්නට රීතියක් දමා තිබීම ත්
· ලාභ අත්පත් කර ගැනීම්
· මාසේ අවසානයේ එන මාජින් සැකසුම් එක්ක
· කලබල සෙට් එක කලබල වීම
මේ පහත යැමට හේතු වෙලා ඇති
අපි ගත්තු කොටස් ඉතා ඉක්මනින් ඉහල ගිය කොටස් ඔබ ගත්තේ කෙටි කාලීන ආයෝජන වලට නම් යම් ඉහල ලාභ එක්ක විකුණන්න දිගු කාලීන ආයෝජන නම් ඉතින් බලන් ඉන්න පුලුවන් , ඔබේ සැලසුම් අනුව-එහෙම නැතුව දවසක් දෙකක් තුනක් -සුමානයක් වුනත් පහල ගියොත් ඔබට සැලසුම් තිබිය යුතුයි කොපමණ ලාභ ප්‍රතිශත යක් ඔබ ගන්නවාද ? ගන්න මිල විකුණන මිල -ගන්න කොටස් ලැබෙන ලාභ වල ප්‍රති ආයෝජන කරන විදිහ ආදිය ගැන හිතන්න කාවවත් ඔහේ අනුගමනය කරන්න එපා ඔබ හැම දෙයක්ම කියවලා බලල ඒ එක්කම ඔබේ ම විශ්ලේශණ එක්ක ගන්න විකුණන කොටස් තිරණය කරන්න ,දින ගණනාවක් දිගින් දිගටම මාර්කට් එක ඉහල ගිය විට දින දෙකක් තුනක් පහල යැම් වෙන බව අපි දැනගෙන ඉන්නම ඕනා ඒ එක්කම ඒ පහල යන කොටස් ආපහු ඉහල යන වගත් අපි ඔලුවේ තියා ගන්න ඕනා,අපිට කරන්න තියන්නේ වැටෙන කාලෙදි කලබල වෙලා විකුණන එක නෙවෙයි
ඊට කලින් විකුණලා සල්ලි ලග තියාගෙන වැටෙන කොට අඩුවට කොටස් ගන්න එකයි එහෙම කරන්න සැලසුම් හදා ගන්න ඕන අපිටම ආවේණික විදිහටම ,එතකොට රතු දවස් අපිට ලාභ ගන්න චාන්ස් එකක් වෙනවා ඇඩෙන දවස් නොවී- මාර්කට් වල රතු දවස් ඕනෙමයි - නැතිනම් තමයි අවුල -එහෙම මාර්කට් ලෝකේ කොහේවත් නැතුව ඇති ඒක නිසා රතු දවස් ආයෝජන අවස්තා කරගන්න-රතු දවස් එන බව අමතක නොකර වරින් වර ලාභ අත්පත් කරගන්න
එවිට ඔබට රතු දවස් වලට වැළපෙන්න ඕනෙ නැති වෙයි
මාරකට් වල තෝරු මෝරු වරින් වර ඔවුන්ගේ කොටස් වල ලාභ අත්පත් කරගන්න විශාල ප්‍රමාණ වලින් විකුණන කොට සාමාන්‍ය ආයෝජකයන් නොදන්නා කමට කලබල වෙන අවස්තා වැඩී
මේ වෙමින් තියන්නෙත් ඒ වගේ දේවල් ,අපි අනුන් ට නොබැන අපි අපේ ක්‍රම හදා ගන්න ඕනා
කලබල නොවී පාඩුවට විකුණන්නේ නැතිව ,පුලුවන් නම් අඩු වෙද්දී එකතු කරගන්නයි තියන්නෙ
ලාභ එක්ක පස්සේ විකුණන්න -කලබලේ කොහොමත් අවාසියි