පිටකොටුවේ ටොම් බෝල ක්‍රීඩාවෙන් තම කැසිනෝ වියාපාරය ආරම්භ කල ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
ඉන් අනතුරුව ඔහුට ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්රයට සම්බන්ධ අමාත්‍ය ධුරයක් හිමිවීමටද නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඉන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බවට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ කොළඹ 07 කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි නිවස අසළට පිරිසක් අද දහවල් පැමිණ විරෝධතාවයක නිරත වී ඇත.
ධම්මික පෙරේරා මහතා පැහැර හැර ඇතැයි පැවසෙන බදු මුදල් ගෙවන ලෙසත් ඇතැම් සටන් පාඨ වල දැක්වූ අතර ඇතැම් සටන් පාඨවල එංගලන්තයේ සිට කුණු කන්ටේනරයක් ලංකාවට ගෙන්වූ ඔහුගේ අතීත ක්‍රියා සිහිපත් කර විරෝධය දක්වා තිබේ.
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර ගැසට් කර තිබුණත් තවම වැඩ අරඹා නැති අතර විරෝධය සිදු කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.
සනත් ජයසූරිය හා සම්බන්ධ සංසිද්ධියේදී ද ඔහු මතුකර මෘදු විරෝධයක් මාධ්‍ය ඔස්සේ මතු කළ අතර ධම්මික විසින්ම සැලසුම් කළ 'නෙගටිව් මාර්කටිං' ව්‍යාපෘතියක් ලෙස ඇතැම් අය ඒ ගැන සැක කර තිබුණි.
https://www.gossiplankanews.com/2022/06/dhammika-perera-house-protest.html