Lot of manufactures will look into Sri Lanka if SriLanka became a commodity hub.
Copied content from facebook >>>>>>
.
පසුගිය ලිපිවලින් ලංකාවේ පිහිටීමේ හා නාවික හුවමාරුවක් වීමේ වැදගත් කම ඉදිරිපත් කලෙමු.
* ආසියා- යුරෝපා නැව් මාර්යේ පිහිටීම නිසා ලංකාවට නුදුරින් ස්වාභාවික සම්පත් හා නිමි භාණ්ඩ එහා මෙහා රැගෙන යාම.
* ඉන්දියාව කිමී 2000 ක් පමණ දකුණට නෙරා එමින් බාධාකාරී ලෙස පිහිටීම නිසා ලංකාව දකුණු ආසියාවේ භාණ්ඩ හුවමාරුව වීම.
* කලාපයේ නාවික හුවමාරුව ලංකාව වෙන නිසා විශාල නැව් වලට පවා ලංකාවේ නැවැත්වීමට සිදුවීම.
* බිලියන 3ක ජනතාවක් සහිත දකුණු ආසියා, අරාබි, ආසියාන්, නැ. අප්‍රිකා වෙලදපොලවල්වලට මැදිව පිහිටීම.
.
තවත් ලිපියකින් මහා පරිමාණ භාණ්ඩ නිශ්පාදනයට උවමනා වෙන සාධක ඉදිරිපත් කලෙමු.
* වරාය, ඉඩම්, නීතිමය රැකවරණය , අමුද්‍රව්‍ය හා බලශක්තිය, පුහුණු ශ්‍රමය හා ආයෝජන නිශ්පාදන සාධක වෙයි.
.
මෙම නිශ්පාදන සාධක සපුරාලීම වෙනත් රටකට අසීරු උවත් ලංකාව වැනි විශේෂ පිහිටිමක ඇති රටකට අපහසු නොවේ. රජයට වියදමක් නොකර අණපණත් වෙනස් කර දීමෙන් මෙය සාර්තක කර ගත හැක.
* වරාය - කොග්ගල කලපුව වරාය සදහා සුදුසුම තැනකි. එතෙක් මේ සදහා හම්බන්තොට යොදාගත හැක. අදානි , ඉන්දියාව, ජපානය මෙරට වරායන් ඉදිකිරීම සදහා උනන්දු වෙයි. අන්තර්ජාතික වරායේ ආයොජනය සදහා ඉන්දියා, ජපාන, චින , රුසියා බල කදවුරු දෙකම සහභාගී කර ගත යුතුය. එමගින් ඔවුන්ගේ රටවල ආයෝජකයින්ට බිය සැක නැතිව මෙම කලාපයේ කර්මාන්තශාලා ඉදි කල හැක.
* ස්වාභාවික සම්පත් වෙලද පොලක් (Commodity Trading Market) ඇති කිරීම. රුසියාව වැනි රටවල් ඔවුන්ගේ ස්වභාවික සම්පත් ලංකාව හරහා ඉන්දියන් සාගර කලාපයට විකිණීමට අවසර ඉල්ලා ඇති නමුත් එයට අනුමැතිය දීමට කල් ගනිමින් පවතී.
ඕස්ටේලියාව, දකුණු අප් රිකාව,මැද පෙරදිග වැනි සම්පත් බහුල රටවලටද මෙම කලාපයේ වෙලදපොලට පිවිසීමට සම්පත් හුවමාරුව ඉතා වැදගත්ය. ( විස්තර සදහා කොමෙන්ට් බලන්න)
* ආයෝජන ලබා ගැනීම - මේ සදහා ආයොජකයින් දිරිමත් කර ඔවුන්ට පහසුකම් සැපයිය යුතුය. දැනටමත් ඉන්දියාවේ මහේන්ද මෙරට කුඩා කර්මාන්ත ශාලා ඉදි කර ඇත. ඉන්දියාවේ අනෙක් විශාලතම කාර් නිශ්පාදකයින් දෙදෙනා වන ටාටා සහ මරුටි ද ලංකාවේ ආයෝජනයට කැමැත්තක් දක්වයි.
නමුත් විදිමත්ව මෙවැනි කලාපයක් ඇතිකර ඔවුන්ට විශාල කර්මාන්ත ශාලා ඇතිකිරීමට ඉඩම් ලබා දිය යුතුය.
* පුහුණු ශ්‍රමය ලබා ගැනීමට මෙම කලාපයෙ පමනක් විදෙස් ජාතිකයින්ටද සේවය කල හැකි පරිදි නීති වෙනස් කල යුතුය.
.
* මෙමගින් රැකියා අවස්තා ඇතිවන අතර මෙරට ස්වාභාවික සම්පත් යොදාගෙන කරන කර්මාන්තශාලාද දියුණු වෙයි. ටයර්, එයාර් බැග්, සීට් කවර්, පාපිසි උදාහරණ කිහිපයකි.
.
.
---- පසුගිය ලිපි ----
(1) සංචාරක කර්මාන්තය යතා තත්වයට පත් කර ගැනීම සහ විදෙස්ගත ලාංකිකයින් එවන ඩොලර් වැඩි කර ගැනීම
(2) සංචාරක පුරවලට නොකැඩී විදුලිය ලබා දීම
(3) ඉතා ලාබදායි කාර්යක්ෂම වාණිජ වී ගොවිතැනක් ඇති කිරීම