ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය ලෙස LOLC සමූහයේ ශක්තිමත් ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය වෙමින්, මධ්‍යම ආසියාව ඇතුළු ආසියාකරයේ සහ අප්‍රිකාව යන මහාද්වීප දෙක ඔස්සේ මූල්‍ය සේවා, සංචාරක සහ වතු වැවිලි ක්ෂේත්‍ර හරහා සිය පියසටහන් පුළුල් කිරීමට සමත්වී ඇත. මේ වසරේ ලද ඓතිහාසික ලාභයේ විශේෂත්වය වන්නේ, දේශීය මෙහෙයුම් මත රැඳීමෙන් තොරව සමූහයේ ආදායමෙන් වැඩි කොටසක් ගෝලීය මෙහෙයුම්වලින් හිමිවීම වන අතර, එහිදී ද කිසියම් එක් වෙළෙඳපොළක් මත රඳා නොපැවතීමද විශේෂත්වයකි. ලොව පුරා දක්නට ලැබෙන ආර්ථික හා දේශපාලන වියවුල් මධ්‍යයේ සිය ගෝලීය විවිධාංගීකරණ සැලැස්ම මඟින් ඕනෑම අහිතකර තත්ත්වයක බලපෑමකින් තොරව වර්ධන මාවතේ රැඳී සිටිය හැකි බව LOLC සමූහය සහතික කර තිබේ.
දේශීය මූල්‍ය සේවා වෙළඳපොලේ ප්රමුඛ කොටස හිමිකර ගනිමින් ජාතියේ වඩාත් විවිධාංගීකෘත සමූහ ව්‍යාපාරය බවට පත්වූ LOLC සමූහය කාම්බෝජයේ සිය මූලික ආයෝජනය 2007 වසරේදී සිදුකළ අතර එතැන් පටන් කාම්බෝජය, මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ පාකිස්තානය යන දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් රැසක පියසටහන් ලෙස තහවුරු කර ඇත. දැනට සිදුකෙරෙමින් පවතින සාකච්ඡා අවසන්වූ පසු ඉන්දියාව විසින් පිරිනමන දැවැන්ත වෙළෙඳපොළ වෙත ආයෝජන මං විවර කිරීමට සමූහය සැලසුම් කර තිබේ. මධ්‍යම ආසියාවේ, ටජිකිස්ථානය සහ කිර්ගිස්තානයට පිවිස සිටින LOLC සමූහය, උස්බෙකිස්තානයට සහ කසක්ස්තානයටද පිවිසීමට සුදානම්ව සිටී.
අප්‍රිකානු මහාද්වීපය සැලකූ විට LOLC සමූහය නයිජීරියාව, සැම්බියාව, සිම්බාබ්වේ, මලාවි, ටැන්සානියාව, කෙන්යාව සහ ඊජිප්තුව යන රටවලට දැනටමත් පිවිස සිටින අතර, කොංගෝ ජනරජය, ඝානාව, උගන්ඩාව සහ රුවන්ඩාව යන රටවලට පිවිසීමටද සැලසුම් කරයි.
වතු වැවිලි කළමනාකරණයේ සිය විශේෂඥතාව මත ගොඩනැඟෙමින් LOLC සමූහය සියෙරා ලියොන්හි උක් වතුයාය මෙහෙයුම් සිදුකරයි. දැවැන්ත කෘෂි සමාගමක් වන සන්බර්ඩ් සියෙරා ලියොන් ලිමිටඩ් (SBSL) සතුව හෙක්ටයාර 23,500ක භූමි භාගයක් පවතින අතර, එය හෙක්ටයාර 50,000 දක්වා ඉහළ නැංවීමේ විකල්පයක්ද පවතී. එහි අති නවීන නිෂ්පාදනාගාරය මඟින් උදාසීන මධ්‍යසාර (ENA) නිෂ්පාදනය කරන අතර, දෛනික මධ්‍යසාර ධාරිතාව ලීටර් 100,000 සහ එතනෝල් නිෂ්පාදනය ලීටර් 380,000 දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් පවතී.
මේ අතර, සමූහය මෑතකදී මොරිෂස් දිවයිනේ සුඛෝපභෝගී නිකේතනයක් වන කාමර 100ක් සහිත රැඩිසන් බ්ලූ (Radisson Blue) අත්පත් කරගත් අතර, සංචාරක වෙළඳපොළට කාමර 1,077ක් එක්කරමින් නුදුරේදීම මාලදිවයිනේ විශාලතම සංචාරක මෙහෙයුම්කරු බවට පත්වනු ඇත. මාලදිවයිනේ නිමවෙමින් පවත්නා දේපළ සංවර්ධන අතරට කාමර 135ක් සහිත නසුන්දරා පැලස් හෝටලය (Nasandhura Palace Hotel) සහ නිවහන් 118ක්; කාමර 470ක් සහිත බොඩුෆාරු (Bodufaru) කාමර 100ක් සහිත බ්‍රවුන් අරි රෙසෝට් (Browns Ari Resort) බ්‍රවුන්ස් රා අටොල් (Browns Raa atoll) සහ කාමර 254 ක් සහිත ඉඊර්ණී හුලුමාලේ (Hulumale) ද අයත් වේ.
ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් කාමර 909 ධාරිතාවක් සහිත සමූහය, තවත් කාමර 363ක් සංවර්ධනය කරමින් සිටින අතර, දිවයිනේ විශාලතම සංචාරක මෙහෙයුම්කරුවන් අතර රැඳී සිටී. LOLC සමූහය සතු ශ්‍රී ලංකාවේ සංචාරක දේපළවලට ඊඩ්න් රෙසෝට් ඇන්ඩ් ස්පා, ඔක්සිඩෙන්ටල් පැරඩයිස් – දඹුල්ල, ෂර්ටන් කොස්ගොඩ, ටර්ටල් බීච් රෙසෝට්, ද කාම් රෙසෝට් ඇන්ඩ් ස්පා, දික්වැල්ල රෙසෝට් ඇන්ඩ් ස්පා, ද එලිෆන්ට් කොරිඩෝර්, අවානි බෙන්තොට, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් සහ හොටෙල් සීගිරිය අයත් වන අතර, කාමර 363ක් සහිත රිවරිනා හෝටලය ඉදිකරමින් පවතී. මීට අමතරව සමූහය සතු ‘රිවීල් කලෙක්ෂන්’ (The Reveal Collection) නිකේතන එකතුවට සුඛෝපභෝගී බංගලා, උබන්ටු බීච් හවුස්, ලැන්ටර්න් බීච් හවුස් – මිරිස්ස සහ පුස්සැල්ලාව – ලැවෙන්ඩර් හවුස් අයත් වේ. සමූහයේ සංචාරක හෝටල් ව්‍යාපාරය, විදෙස් සංචාරකයන් සඳහා සේවා සපයන සමූහයේ ගමනාන්ත කළමනාකරණ හස්තය, සිලෝන් රූට්ස් (Ceylon Roots), හරහා තවදුරටත් ශක්තිමත් වෙයි.
LOLC මූල්‍ය සේවාවන්හි ගෝලීය සාර්ථකත්වයේ එක් ප්‍රධාන කුලුණක් වන්නේ ශක්තිමත් පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති නිදන් කොටගත් එහි සුවිශේෂී අද්විතීය ව්‍යාපාරික ආකෘතියයි. එමඟින් ජීවන මට්ටම් පිරමීඩයේ පත්ලේ සිටින ප්‍රජාවන්හි ජීවනෝපාය නඟා සිටුවන අතර, දුප්පත්කම තුරන් කරමින් කාන්තාවන් සවිබල ගන්වන්නේ අදාළ රටවල දළ දේශීය නිෂ්පාදිතයේ දැවැන්ත වර්ධනයක් ජනනය කරමිනි. මූල්‍ය ඇතුළත් කිරීම පිළිබඳ සාර්ථකත්වයේ අත්දැකීම් හමුවේ ඇතැම් මහ බැංකු තම රටවල ක්ෂුද්‍ර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ප්රතිලාභ අත්කරදීම සඳහා එම රටවල මෙහෙයුම් ආරම්භ කරන ලෙස LOLC සමූහයට ආරාධනා කිරීමට දිරිමත් කරනු ලැබීය. මෙම වෙළෙඳපළ තුළ LOLC සමූහය නිර්මාණය කරනු ලබන බලපෑම ගෝලීය වශයෙන් සමූහය ගෞරවයට සහ ඇගයීමට ලක්කරයි.
පුරෝගාමී ලීසිං සමාගමක් ලෙස 1980 වසරේ සිය නිහතමානී ආරම්භයේදී, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්රය මෙරට සංවර්ධනයේ මූලික අවධානය යොමු විය යුතු අංශයක් ලෙස අවබෝධ කරගත් LOLC සමූහය ඔරික්ස් (ORIX) සහ අයි.එෆ්.සී (IFC) හා එක්ව ෆැක්ටරින් හ¾දුන්වාදෙන ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සේවා සපයන්නා ලෙස විවිධාංගීකරණයට ලක්වූ සමූහය සෙලාන් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව ඇතුළු වාණිජ බැංකුවල මෙන්ම සංවර්ධන බැංකු වන සණස සංවර්ධන බැංකුවේ සහ HDFC බැංකුවේ ආයෝජන සිදු කළේය.
බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්රය තුළ, LOLC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෑතකදී ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) පිහිටුවූ අතර එහි මුළු වත්කම් වටිනාකම රු.බි. 311කි. එය බැංකු නොවන මූල්‍ය ආයතන ස්ථාවර කිරීමේ මහ බැංකු ප්‍රධාන සැලැස්මට අනුකූලව සිදුකරන ලද්දකි. ඒකාබද්ධ ආයතනය 2022 මාර්තු 31න් අවසන්වූ මූල්‍ය වර්ෂය තුළ රු.බි. 25.6ක බදු පෙර ලාභයක් සහ රු.බි. 23.5ක බදු ගෙවීමෙන් පසු සුවිසල් ලාභයක් වාර්තා කළේය. LOLC ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයද සාර්ථක මූල්‍ය වසරක් වාර්තා කළ අතර, එහි බදු ගෙවීමෙන් පසු ලාභය රු.මි. 389කි. ඉදිරිය දෙස බලමින් සමූහය ජීවන රටාව පදනම් කරගත් ගෙවීම් වේදිකාව, iPay ග්ලෝබල් හ¾දුන්වා දුන් අතර, එමඟින් සමූහයේ මූල්‍ය සේවා මෙහෙයුම්වලට සිය නව්‍යකරණය සහ ගෝලීය දැක්ම පිළිබිඹු කරමින් ගෝලීය වෙළෙඳපළ හමුවේ අති නවීනත්වයක් හිමිකර දේ.
කර්මාන්තයේ නායකත්වය දේශීය හා ජාත්‍යන්තර යන තලයන් දෙකෙහිදීම සමාගමට පිළිගැනීමක් හා කීර්තියක් ගෙන දෙයි. 2021/22 වසරේදී, LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් නව්‍යකරණය වූ මූල්‍ය සේවා සන්නාමය සහ ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සේවා සන්නාමය ලෙස, 2021 ගෝලීය සම්මාන තිළිණ ප්රදානයේ (Global Brand Awards 2021) 9 වනි කලාපයේදී පිදුම් ලැබීය. 2022 ස්ලිම් කැන්ටාර් (SLIM-Kantar Peoples Awards 2022) ජනතා සම්මාන උළෙලේදී වසරේ මූල්‍ය සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ LOLC ෆිනෑන්ස්, ලංකා ක්ලියර් සංවිධානය කළ 2022 ලංකා – පේ ටෙක්නොවේෂන් සම්මාන ප්රදානයේ 4 වැනි කලාපයේදී සම්මාන 5ක් හිමිකර ගනු ලැබීය.
මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වසරේ බැංකු නොවන මූල්‍ය ආයතනයට පිරිනැමෙන රන් තිළිණය. පාරිභෝගික පහසුව සැලසීමේ විශිෂ්ටත්වය උදෙසා වසරේ බැංකු නොවන මූල්‍ය ආයතනය, විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් ක්‍රමෝපාය සඳහා වසරේ මූල්‍ය ආයතනය, සිල්ලර ගෙවීම් සඳහා හොඳම ජංගම යෙදවුම, (බැංකු සහ බැංකු නොවන); සහ අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් (බැංකු නොවන මූල්‍ය ආයතන) සඳහා සමස්ත විශිෂ්ටත්වයට පිරිනැමෙන සම්මානය, මෙන්ම වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් නිපැයුම (බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන) ජංගම යෙදවුම සඳහා කුසලතා සම්මානය එම සම්මාන අතර වෙයි.
බිම් මට්ටමේ ජනගහනය ඉලක්ක කරගත් සිය මූල්‍ය සේවා ව්‍යාපාර ආකෘතියේ සාර්ථකත්වයෙන් පසු, LOLC හි රක්ෂණ ව්‍යාපාරය වසර ගණනාවක් පුරා සීග්‍ර වර්ධනයක් ලැබීය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ රුපියල් බිලියන 7 ක ඉලක්කය වේගවත්ම ලෙස ළඟා කරගත් රක්ෂණ සමාගම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමයි. 2021 වසර තුළ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් 19.2%ක වාරික ආදායම් වර්ධනයක් සලකුණු කළේ සාමාන්‍ය රක්ෂණ සේවා කර්මාන්තයේ මධ්‍යම හෝ විශාල ප්‍රමාණයේ සමාගමක් වාර්තා කළ ඉහළම වර්ධනය ලෙසිනි. LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් අද විශාල ප්‍රමාණයේ සමාගමක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම සාමාන්‍ය රක්ෂකයා වෙයි.
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මඟින් පිරිනමන තුන්වන නැඟී එන ආසියානු රක්ෂණ සම්මාන – 2021, ප්රදානයේදී ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් (PwC) මඟින් ඇගයීමට ලක්කළ “වසරේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සමාගම” ලෙස ජයග්‍රහණය ලැබීමට LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමත් විය. සමාගම 2022 වසරේ ජනවාරියේ කොළඹ කොටස් වෙළෙඳපළේ ලැයිස්තුගත කෙරිණි. තවද, LOLC ලයිෆ් ඇෂුවරන්ස් දේශීය ජීවිත රක්ෂණ කර්මාන්තයේ පළමු මෙහෙයුම් වසර 10 තුළ රු.බි. 4ක ඉලක්කයකට ළඟා වූ ප්‍රථම රක්ෂකයා බවට පත්විය. සමාගම 2021 වසර නිමාකළේ රු.බි. 4.4,ක වාරික ආදායමක් සහ රු.බි. 36.6%ක ශුද්ධ ලාභ වර්ධනයක් සමඟිනි. LOLC ලයිෆ් ඇෂුවරන්ස් අලෙවි කණ්ඩායමේ 56 දෙනකු වෙනුවෙන් සමාගමට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවූ අතර, 2021 වසර සඳහා ඔවුන් “මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල්” (MDRT) සඳහා සුදුසුකම් ලැබූයේ තවත් තුන් දෙනකු කීර්තිමත් “කෝට් ඔෆ් ද ටේබල්” (COT) සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබමිනි.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය සේවා මෙහෙයුම්වලින් ගෝලීය වශයෙන් ලද සාර්ථකත්වය ඔස්සේ ඉදිරියට යමින් සිය රක්ෂණ ව්‍යාපාර ආකෘතිය “සෙරන්ඩිබ් ඉන්ෂුවරන්ස්” සන්නාමය යටතේ ගෝලීය වෙළෙඳපොළ වෙත දියත් කිරීමට සමාගම් සූදානමින් සිටී. ක්ෂුද්‍ර සහ කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ අවශ්‍යතා උදෙසා සෙරන්ඩිබ් ඉන්ෂුවරන්ස් සිය ප්‍රථම ගෝලීය රක්ෂණ ව්‍යාපාරය ලෙස කාම්බෝජයේ දැනටමත් දියත් කොට ඇත.
එමඟින් ජනගහන පිරමීඩයේ පත්ලේ සිටින ජනතාවට අනපේක්ෂිත සිදුවීමකදී ආරක්ෂණ දැලක් සපයන අතර සමූහයේ ගනුදෙනුකාර ආරක්ෂණ භාවිතයන්හි සවිමත් කුළුණක් නිර්මාණය කරයි. මූල්‍ය සේවාවන්ගෙන් පිටත සිය විවිධාංගීකරණ ක්‍රමෝපාය තුළ, LOLC සමූහය වසර 140 ක් පැරණි වෙළෙඳ සමාගමක් වන බ්රවුන්ස්හි ආයෝජනය කළ අතර, 2021 වසර තුළදී එය, සාමාන්‍ය වෙළෙඳ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, බලශක්ති, මෝටර් රථ, කෘෂිකාර්මික, බැටරි, තාප, රසායනික, බර යන්ත්‍රෝපකරණ, සමුද්‍ර, පශු ඔෟෂධ, පාරිසරික ඉන්ජිනේරු සහ පොහොර යන සිය ව්‍යාපාරික අංශ හරහා රු.බි. 1.8ක බදුවලට පසු ලාභයක් වාර්තා කර තිබේ.
සිය උපායමාර්ගික ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හරහා සමූහයේ වතු වැවිලි අංශය, මතුරට සහ ගල්ඔය වතුයායන්ට අමතරව මෑතකදී ෆින්ලේ සමූහයට අයත් උඩපුස්සල්ලාව සහ හපුගස්කන්ද වතුයාය අත්පත් කරගන්නා ලදී. එක්සත් රාජධානියේ කේන්ද්‍රගත වයස අවුරුදු 128ක් පැරණි ෆින්ලේස් සමූහය ශ්‍රී ලංකාවේ වතු වැවිලි ව්‍යාපාරයෙන් ඉවත්වීම ක්ෂේත්රයේ විදේශීය සමාගම්වල හිමිකාරිත්වය අවසන් වීම සලකුණු කරයි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මෙම ආයෝජනය සිදුකළේ ෆින්ලේස් සමූහය, සිය කීර්තිමත් උරුමය ඉදිරියට ගෙන යෑම සඳහා යහපාලන ප්රමිතීන් හා ශක්තිමත් පිළිගැනීමක් සහිත සුදුසු හවුල්කරුවකු සොයමින් සිටියදීය. තේ සහ කුරුඳු අපනයනය කරන බ්‍රවුන්ස් – ටීස් (Browns Teas) සහ ට්‍රොපිකල් අයිලන්ඩ් කොමෝඩිටීස් (Tropical Island Commodities) ද සමූහය සතුවන අතර, ඒවා වතු වැවිලි ක්ෂේත්රයේ ඉදිරි පෙළ සංකලන සමාගම් ලෙස ක්‍රියා කරයි. තවද, සමූහය විසින් ලොව විශාලතම කුරුඳු වගාව නිර්මාණය කිරීම සඳහා ආයෝජනය කර ඇති අතර, මේ වන විට කුළුබඩු සඳහා අගය එකතු කිරීමේ කාර්යයේ නිරතව සිටී.
මීට අමතරව, වසර තුළදී සමූහය විසින් සියෙරා සමූහයේ සිය කොටස් හිමිකම් ප්‍රතිනිර්මාණය කරන ලදී.
එහිදී සියෙරා කන්ස්ට්‍රක්ෂන් සහ සියෙරා හෝල්ඩිංග්ස් හි කොටස් හිමිකම් අත්හළ සමූහය ඇග්ස්ටාර් පොහොර, සියෙරා පයිලින්, සියෙරා කේබල්ස් සහ සියෙරා රෙඩි මික්ස් අත්පත් කර ගනු ලැබීය. ඇග්ස්ටාර් පොහොර සමාගම සමූහයට උපායමාර්ගික ආයෝජනයකි. බ්‍රවුන්ස් ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සහ එහි අනුබද්ධ අංශය වන “බ්‍රවුන්ස් මෙට්ල් ඇන්ඩ් සෑන්ඩ්ස්” සහ “අයැක්ස් ඉන්ජිනියරින්ඝ සමූහයේ ඒකාබද්ධ අංශවේ.
කැපී පෙනෙන වර්ධනයක් ලෙස, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් කොළඹ වරාය නගරයේ බහුවිධ ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 117ක් දැනටමත් ආයෝජනය කර ඇත. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, මරීනා හොටෙල් සහ මරීනා – යාත්‍රා තොටුපොළ එම ව්‍යාපෘති වේ.
සිය දුරදර්ශී ප්‍රවේශය පිළිබිඹු කරමින්, LOLC සමූහය එහි අනුබද්ධිත LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් හරහා පර්යේෂණ සහ නවෝත්පාදනන්හි ආයෝජනය කර ඇති අතර, දැනට එමඟින් ග්‍රැෆයිට් හෙවත් මිනිරන් ග්‍රැෆීන් බවට පරිවර්තනය කිරීම සහ සහල් සවිමත් කිරීම වැනි විවිධ තාක්ෂණයන් වාණිජකරණය අවසන් අදියරේ පවතී. ග්‍රැෆීන් යනු මිනිසා විසින් හඳුනාගත් තුනීම ද්‍රව්‍ය වන අතර වානේවලට වඩා 200 ගුණයක් පමණ ශක්තිමත්ය. තාපය හා විදුලිය සඳහා විශිෂ්ට සන්නායකයක්ද වන ග්‍රැෆීන් සුවිශේෂී ආලෝක අවශෝෂණ හැකියාවකින්ද යුක්තවේ.
ඕනෑම කර්මාන්තයකට අනුගත වීමේ අසීමිත හැකියාවකින් යුත් එය සැබවින්ම ලෝකය වෙනස් කළ හැකි ද්‍රව්‍යයකි, LOLC සමුහයේ සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් (CGT), සතු සම්පූර්ණ නිෂ්පාදන ජීවන චක්‍රයේ හිමිකාරත්වය හේතුවෙන් ලොව වඩාත් තරගකාරී කර්මාන්ත පරිමාණයේ ග්‍රැෆීන් නිෂ්පාදකයා, නිෂ්පාදන සංවර්ධකයා සහ පර්යේෂකයාද වේ. වසර තුනක දැඩි පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලියකින් පසු නිෂ්පාදන කර්මාන්තශාලා පිහිටු වීම සහ ලෝක මට්ටමේ ලියාපදිංචි සහතික ලබා ගැනීමත් සමඟ CGT ලොව විශිෂ්ටතම ග්‍රැෆීන් සැපයුම්කරු සහ හොඳම පර්යේෂණ සහ සංවර්ධන පහසුකම ලෙස ලොව සුපතළ වීමට මංපෙත් විවරවී තිබේ.
බිම් මට්ටමේ මූල්‍ය ඇතුළත් කිරීමේ සිට නව මංපෙත් විවර කරන නූතන තාක්ෂණයන් දක්වා පියසටහන් ස්ථාපිත කරමින් LOLC සමූහය විදේශීය වෙළෙඳපොළවල තවදුරටත් පිය සටහන් විහිදුවීම සඳහා සැලසුම් කරන අතර ගෝලීයකරණය වූ ආයතනයක් බවට පත්වීමට සිය ව්‍යාපාර විවිධාංගීකරණය කරමින් ඕනෑම සහ සෑම ආර්ථික අර්බුදයක්ම ජය ගනිමින් ස්වභාවයෙන්ම උද්ධමන ප්‍රතිරෝධී ආයතනයක් බවට පත්වීමට අදිටන් කරමින් සිටී.