කොටස් මිලදී ගැනීමට තැරැව්කරුවන් විසින් ගනුදෙනු කරුවන්ට ලබාදෙන ණය සඳහා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුව ඇතැයි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.
කොටස් ගනුදෙනු කරුවන්ට තැරැව්කරුවන් විසින් ලබාදෙන ණය සම්බන්ධයෙන් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය විසින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට යොමුකර ඇති ලිඛිත ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති, මලික් කාදර් මේ බව පැවසීය.
කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය මෙම ලිපිය පසුගියදා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියට යොමුකර තිබුණි.
ඇය විදේශ ගතව සිටි නිසා මේ සම්බන්ධ දෙවන ලිපිය විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් වෙත පසුගිය සිකුරාදා යොමුකර තිබේ.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2938&Itemid=56