ඒ අනුව හෙට පස්වරුවේ අදාළ යෝජනාව අමෙරිකාව විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇති බව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි.
අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් හතළිස් හතේ සෑම නියෝජිතයෙකුටම එම යෝජනාව සම්බන්ධයෙන් විනාඩි තුන බැගින් අදහස් පළකිරීමේ අවස්ථාව හිමිවේ.
ඉන් අනතුරුව පිළිතුරුදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබෙන අතර එම පිළිතුරු කතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කමිටුවේ ප්‍රධානී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතය.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම ඉන් අනතුරුව සිදුකරනු ඇත.
මේ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත කරගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අමෙරිකානු තානාපතිනි එලීන් ඩොනහෝ මහත්මිය පවසයි.
එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් හා ශ්‍රී ලංකා රජය අතර අවසන් යුධ ගැටුම් පැවති කාලසීමාව තුළ ඇතිවු සිදුවීම් පිළිබඳව ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම එම යෝජනාවේ අරමුණ බව එලීන් මහත්මිය පෙන්වා දෙයි.
ඒ සඳහා ශ්‍රී ලංකා රජයට බලකිරීමට ප්‍රධාන සහයකයෙකු හමුවු බව අමෙරිකාව පවසයි.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත අදාළ යෝජනාව සලකා බැලීමෙන් අනතුරුව එයට සහයෝගය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ඊයේ නිවේදනය කළේය.
http://sinhala.adaderana.lk/news.php?nid=22921
:Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: :Deleted: