එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 47 කි.
මෙම යෝජනාව මානව හිමිකම් මණ්ඩලයේ ඡන්ද විමසීම සඳහා අද යොමු කෙරෙන අතර යෝජනාවට මේ වනවිටත් සංශෝධන කිහිපයක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
මේ අතර, වාර්තා වන්නේ රුසියාව, තායිලන්තය, වෙනිසියුලාව, චීනය, කියුබාව, බෙලෝරුස් ජනරජය, මියන්මාරය මෙන්ම වියට්නාමයද ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බවයි.
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට රටවල් 32 ක සහාය
වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට රටවල් 32 ක දායකත්වය ලැබී තිබේ.
මෙම රටවල් වන්නේ නෝර්වේ, කැනඩාව, ක්රෝසියාව, පෝලන්තය, ඔස්ට්‍රියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, එස්ටෝනියාව, පින්ලන්තය, ජෝර්ජියාව, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, මොනාකෝ, ලෙච්ටෙන්ස්ටින්, ලිතුවේනියාව, මොල්ටාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය,මොන්ටිනිග්‍රෝ, රුමේනියාව, ස්ලෝවෙකියාව, සෝවේනියාව, පෘතුගාලය, ස්විස්ටර්ලන්තය සහ බ්‍රිතාන්‍යයයි.
නොබැඳි සහාය ලංකාවට
මේ අතර, ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා නොබැඳි ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.
REF.vimasuma.com