නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත එම පුහුණු පාසල ජර්මනියේ ඩේම්ලර් ඒ ට් හි මාර්ගෝපදේශනය යටතේ කළමනාකරණය කරනු ලබන්නේ ඩීසල් හා ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ය. එය පුද්ගලික හිමිකාරිත්වයක් සහිත ආයතනයක් වන අතර එහි විෂය නිර්දේශය මර්සිඩීස් - බෙන්ස් පිළිබඳව සකස් කර ඇත. එසේම ඒ හරහා සිසුන්ව ලොව වඩාත් නවීනතම තාක්ෂණයන් පිළිබඳව දැනුවත් කරනු ඇත.
ඩීමෝ හි වෙළෙඳ රථවාහන හා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සේවා පහසුකම් මධ්‍යස්ථානය පිහිටා ඇති සියඹලාපේ ප්‍රදේශයේම පුහුණු පාසල පිහිටා ඇත. දෑ අවුරුදු මෙම පුහුණු පාඨමාලාවට එක් කණ්ඩායමක් සඳහා 16 දෙනෙකු තෝරා ගන්නා අතර ඔවුන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව ලබාදීම සිදු කරයි. දශක දෙකකට වැඩි පසුගිය කාලය පුරා බිහිකර ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 230 කි.
http://www.silumina.lk/2012/07/01/_art.asp?fn=aj1207012