ත්‍රිකුණාමල වරාය ආසන්නයේ කර්මාන්ත ආරම්භ කිරීමට ආයෝජකයින් නම දෙනෙකු ලබාදී තිබෙන යෝජනා නමයක් මේ වනවිට අගයමින් සිටින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි.
වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම අප සමග මේ බව පැවසූ අතර අවසානයේදී බොහෝදුරට ආයෝජකයින් පස් දෙනෙකු තෝරා ගනු ඇතැයි හෙතෙම කීය.
සිමෙන්ති නිෂ්පාදනය, නැව් නිෂ්පාදනය, නැව් ප්‍රතිසංස්කරණය කිරීම, මාළු සැකසීම යන අංශවල කර්මාන්ත ආරම්භ කිරීමට මෙම යෝජනා ලැබී තිබෙන බව වැඩිදුරටත් පැවසීය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1329071149