වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා අනාවරණය කර තිබෙන්නේ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සමග පැවති සාකච්ඡාවකදී හෙතෙම මෙම සහතිකය ලබාදුන් බවයි.
ලබන වසර වෙනුවෙන් වන අයවැය තවත් නොබෝ දිනකින්ම රජය එළි දැක්වීමට සූදානම් වන අතර එයට පෙර දුම්වැටි, මධ්‍යසාර, සිමෙන්ති හා කුකුළු මස්වල මිල වැඩිකිරීමට රජය කටයුතු කළේය.
2011 වසරේදී වාහන බදු අඩු කාලයේදී මෙරටට පැමිණි වාහන ප්‍රමාණය විශාල ලෙස වැඩිවූ අතර එය වෙළඳ හිඟය පුළුල් වීම සඳහාද විශාල බලපෑමක් කළා යන තර්කයේ පිහිටා රජය පසුගියදා වාහන බදු විශාල ලෙස වැඩි කළේය.
මේ අනුව, වාහන වෙළඳ පොළ විශාල කඩා වැටීමකට ලක්වූ අතර අලෙවි වන වාහන ප්‍රමාණය පහළ ගියේය.
මේ නිසා, වාහන ආනයන සමාගම්වල ලාභ පහළ යාම හා සාමාන්‍ය පුද්ගලයෙකුට මෝටර් රථයක් මිලදී ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී යාම සිදුවූ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එනම්, බදු වැඩිකිරීම නිසා සුපිරි මෝටර් රථ අලෙවියේ එතරම් අඩුවීමක් දකින්නට නොලැබී තිබෙන අතර දැවැන්තව අඩුවී තිබෙන්නේ මරුටි, වීවා, වැනි සාමාන්‍ය ජනතාව මිලදී ගන්නා මෝටර් රථ අලෙවියයි.
අය-වැය ඉලක්ක
මේ අතර, පසුගිය මැයි මාසයේ නිළ දත්ත වලට අනුව 2012 වසරේ අයවැය ඉලක්ක තවමත් දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මැයි මාසයට අදාළව නිකුත් කර තිබෙන දත්ත වලට අනුව ආදායම් හිඟය රුපියල් බිලියන 119 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.6 ක්වී තිබෙන අතර රජයේ වියදම් පසුගිය අප්‍රේල් මාසයට වඩා අඩුවී තිබීම කැපී පෙනේ.
ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී මේ වසරේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පහළ ගොස් තිබෙන අතර 2012 මැයි දක්වා රාජ්‍ය ආදායම සියයට 9.1 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 386.7 ක්වී තිබේ.
කෙසේවෙතත්, මේ වසර සඳහා පුරෝකතනය කර තිබුණේ සියයට 18.3 ක රාජ්‍ය ආදායම් වර්ධනයක් වන අතර මැයි දක්වා වර්තන වියදම් සියයට 22.6 කින් රුපියල් බිලියන 506.4 ක් දක්වා වර්ධනය වී ඇත.
පසුගිය අප්‍රේල් මාසය වනවිට වර්තන වියදම් සියයට 23.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 445.3 ක්වී තිබුණි.
කෙසේවෙතත්, අප්‍රේල් මාසයට වඩා ආදායම හා රජයේ වර්තන වියදම් අතර පවතින හිඟය සුළු වශයෙන් අඩුවී තිබෙන අතර එයින් පෙන්නුම් කරන්නේ රජයේ වියදම්වල පහළ යාමකි.
අධිපතිවරයාගේ විශ්වාසය
මේ වසරේ රජයේ අයවැය ඉලක්ක පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් “විමසුම“ ට පසුගියදා පැවසුවේ අයවැය හිඟය සියයට 6.2 ක ඉලක්ක ගත මට්ටමට වසර අවසන් වනවිට රැගෙන ඒමට හැකි බවයි.
වසරේ මුල් අර්ධයේදී රාජ්‍ය ආදායම්වල එතරම් වර්ධනයක් පෙන්නුම් නොකළත් මේ වනවිට බැංකු අංශයේ ලාභ වැඩිවීම ඇතුළු ධනාත්මක ආර්ථික සාධක හේතු නිසා රාජ්‍ය ආදායම වැඩි වෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
මේ නිසා, බොහෝවිට අයවැය හිඟයේ ඉලක්කය එහා මෙහා වනු ඇත්තේ සියයට දශම එකකින් පමණ වනු ඇති බවත් එය එතරම් සැලකිය යුතු දෙයක් නොවන බවත් කබ්රාල් මහතා සඳහන් කළේය.
කෙසේවෙතත්, සමහර ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මේ වසරේදී ආර්ථිකය යම් මන්දගාමීත්වයක් පෙන්වන නිසා ඉලක්කගත අයවැය හිඟය ළඟාකර ගැනීම අසීරු වනු ඇති බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=377483766