ඉදිරි දැක්ම සංශෝධනය කිරීම මගින් පිළිඹිබු වන්නේ ඉහළ ණය ශ්‍රේණියක් ලබා තිබෙන අනිකුත් බැංකු සමග බොහෝ දුරට සමගාමී ලෙස සණස සංවර්ධන බැංකුවේ වැඩිදියුණු වූ ණය ශ්‍රේණිගත කිරීමේ ආකෘතීන්ය (credit metrics). අනිකුත් සමාන බැංකු වලට සාපේක්ෂව සණස සංවර්ධන බැංකුවේ ශක්තිමත් ප්‍රාග්ධනීකරණය, ඉහළ ශුද්ධ පොලී ආන්තිකයන්, වැඩිදියුණු වූ වත්කම්වල ගුණාත්මක භාවය, එහි ප්‍රධාන ව්‍යාපාරය වන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම්වල ඵලදායී කළමනාකාරීත්වය මෙම ණය ශ්‍රේණිය මගින් තවදුරටත් පිළිඹිබු වේ.
සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික අංශය වන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම් කෙරෙහි තිබෙන නැඹුරුව පවත්වා ගනිමින් බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවය හා ප්‍රාග්ධනීකරණය නඩත්තු කර ගනිමින් මූල්‍ය ආකෘතියේ සිදුවන වර්ධනය බැංකුවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට හේතුවිය හැකිය. අනික් අතට, වත්කම්වල ගුණාත්මක භාවය හා ප්‍රාග්ධනීකරණ මට්ටම් පිරිහී යාම බැංකුවේ ඉදිරි දැක්ම ස්ථාවර දක්වා සංශෝධනය කිරීමට හේතුවිය හැකි අතර බැංකුවේ ප්‍රධාන ව්‍යාපාර අංශය වන ක්ෂු මූල්‍ය ණය ලබාදීමෙන් කැපී පෙනෙන ලෙස වෙනස්වීම තුළින් දුර්වල වූ අවධානම් ආකෘතියකට යොමුවීම ණය ශ්‍රේණිය පහළ දැමීම සිදුවිය හැකිය.
ක්ෂුද්‍ර මූල්‍ය ණයදීම්වල සංකේන්ද්‍ර ගතව තිබෙන බැංකුවේ ණය ලබාදීම් වලින් නිවාස හා දේපොළ ණය සියයට 65 ක් ලෙසද, කල්බදු සියයට 11 ක් ලෙසද, උකස් ණය සියයට 12 ක් ලෙසද, සණස සමාජ හා සංගම් වලට ලබාදුන් ණය සියයට 6 ක් ලෙසද පවතී. බැංකුව විසින් ලබාදෙන ණය සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ ඒවා වන අතර වසරක සිට වසර තුනක් දක්වා කාල සීමාවකට ලබාදේ. ශාඛා ප්‍රමාණය වර්ධනය කිරීම නිසා 2012 පළමු අර්ධයේදී බැංකුවේ ණය සියයට 12 කින්ද 2011 වසරේදී සියයට 32 කින්ද වර්ධනය විය.
ෆිච් රේටින්ග්ස් බලාපොරොත්තු වන්නේ 2012 පළමු අර්ධයේදී ණය ප්‍රති මිල කිරීම නිසා පහළ ගිය ශුද්ධ පොලී ආන්තිකයන් ඉදිරියේදී වර්ධනය වනු ඇති බවයි.
අනිකුත් බැංකු වලට සාපේක්ෂව සණස සංවර්ධන බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයන් ඉහළ තත්ත්වයක තිබෙන අතර එයින් පිළිඹිබු වන්නේ වැඩි ප්‍රතිලාභ ජනිත කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සඳහා බැංකුවේ තිබෙන සාම්ප්‍රදායික නැඹුරුවයි. අරමුදල් පිරිවැය වැඩිවීම නිසා 2011 වසරේදී සියයට 9.7 ක් ලෙසින් තිබුණු බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයන් 2012 පළමු අර්ධය අවසන් වනවිට සියයට 8.4 ක් දක්වා පහළ ගොස් තිබේ.
සමහර බැංකු ශාඛා ලැබූ අලාභ හමුවේ 2012 පළමු අර්ධයේදී බැංකුවේ ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය සියයට 2.7 ක් දක්වා අඩුවී තිබෙන නමුත් (2011: 3.6% කි.) අනිකුත් සමාන බැංකු සමග සමගාමී මට්ටමක තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැතියන් ආර්ථික චක්‍රයන්ට වඩාත් සංවේදී වුවත් සණස සංවර්ධන බැංකුවට සිය ණයවල ගුණාත්මක භාවය කළමනාකරණය කර ගැනීමට හැකිවී තිබේ. කෙසේවෙතත්, බැංකුව කෘෂි කාර්මික අංශයට තිබෙන අනාවරණයන් හමුවේ (සමස්ත ණය වලින් සියයට 13 කි.) අක්‍රීය ණය වැඩිවිය හැකි අතර එයට හේතුව දැනට පවතින නියඟය ක්ෂුද්‍ර මූල්‍ය ණය කරුවන්ට අහිතකර ලෙස බලපෑමයි.
බැංකුවේ අක්‍රීය ණය අනුපාතය අඩු වෙමින් තිබෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් 2012 පළමු අර්ධයේදී එය සියයට 4.3 ක් දක්වා පහළ බැස තිබෙන්නේ 2011 දී වූ සියයට 4.4 ක මට්ටමක සිටයි. 2010 දී බැංකුවේ අක්‍රීය ණය අනුපාතය සියයට 5.7 ක් විය. මේ අතර, බැංකුවේ හිමිකම් මත ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 2012 පළමු අර්ධය අවසානයේදී සියයට 17.9 ක් දක්වා වර්ධනය වී ඇත.( එය 2010 අවසානයේදී සියයට 24.5 කි.)
2012 මැයි මාසයේදී බැංකුව ලයිස්තු ගත කිරීමෙන් පසු නියාමන අවශ්‍යතා අනුව ක්‍රමානුකූල ප්‍රාග්ධන එකතු කිරීම් වලට අවස්ථාව නොලැබෙන නිසා ප්‍රාග්ධනීකරණය අඩුවිය හැකිය. සණස සංවර්ධන බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය ශක්තිමත්ව තිබෙන අතර එයට හේතුව කොටස් කරුවන් හා විදේශීය අරමුදල් විසින් සිදුකරන ක්‍රමානුකුළ ප්‍රාග්ධන එකතු කිරීම්ය. 2012 පළමු අර්ධය අවසන් වනවිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය හා හිමිකම් මත වත්කම් අනුපාතය පිළිවෙලින් සියයට 15.5 හා සියයට 13.3 ක් දක්වා අඩුවී තිබෙන අතර 2011 අවසානයේදී එම අනුපාත පිළිවෙලින් සියයට 17.3 ක් හා සියයට 14.4 ක්වී තිබේ. බැංකුවේ අරමුදල් සම්පාදනය වැඩිපුරම තැන්පතු හරහා සිදුවන අතර 2012 පළමු අර්ධය අවසන් වනවිට තැන්පතු ප්‍රමාණය වත්කම් වලින් සියයට 73 ක් විය.
ඉහළ අළුත් කිරීමේ අනුපාතයක් සහිත සමස්ත තැන්පතු වලින් සියයට 30 ක් නියෝජනය කරන සමුපකාර 8000 කට වැඩි ප්‍රමාණයකින් සණස සමූහය සමන්විත වේ. සණස සංවර්ධන බැංකුව සණස සමූහයේ ප්‍රධාන ණය දෙන ආයතනය හා බලපත්‍ර ලාභී විශේෂිත බැංකුවක් ලෙස 1997 දී ආරම්භ කර තිබෙන තිබේ. 2012 ජුනි මාසය අවසන් වනවිට බැංකුවට ශාඛා 81 ක් තිබුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=740427911