සමාගමේ දුර්වල වෙමින් තිබෙන ද්‍රවශීලතා ආකෘතිය සහ ණය ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙන්ම ශාඛා ජාලය පුළුල් කිරීමත් ශාඛා වෙනත් ස්ථාන වලට ගෙන යාමත් හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ යාම නිසා ලැබූ ශුද්ධ අලාභ ඉදිරි දැක්ම සෘණ දක්වා පහත දැමීම මගින් පිළිඹිබු වනබව ෆිච් කියයි.
සමාගම විසින් 2012 දෙසැම්බර් වලින් අවසන් වන මාස 09 ක කාලය තුළදී ලැබූ ශුද්ධ අලාභය ප්‍රාග්ධනීකරණය විශාල ලෙස අඩුවීමට හේතුවී තිබෙන නමුත් එම ප්‍රමාණය අනිකුත් සමහර සමාන තුල්‍ය සමාගම්වල ප්‍රාග්ධනීකරණයට සමාන තත්ත්වයක තිබෙන බවද සඳහන්ය.