මහ බැංකුව බැඳුම්කර විකිණීමේ සිද්ධිය සම්බන්ධව විවාදයක් ලබාදීමට ආණ්‌ඩුව සූදානම් නොමැති නිසා අද (18 දා) සභා ගැබෙහිදී විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙක් සිය අසුන්වලින් නැගී සිට කතානායකවරයාගෙන් විවාදයක් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.
එම තීරණය පිළිබඳ විපක්‍ෂයේ ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේ පැවැති පක්‍ෂ නායක රැස්‌වීමේදී ප්‍රකාශ කර ඇත. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල මැදිරියේදී මෙම පක්‍ෂ නායක රැස්‌වීම පැවැත්විණි.
මහ බැංකුව බැඳුම්කර අලෙවි කිරීම පිළිබඳ මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය හා ඒ සම්බන්ධව අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳ දිනක විවාදයක් මෙම බ්‍රහස්‌පතින්දා ලබාදෙන ලෙසට විපක්‍ෂය ඉල්ලා සිටියේය. එහෙත් මේ සතියේදී විවාදය ලබාදිය නොහැකි බව ආණ්‌ඩු පක්‍ෂය පක්‍ෂ නායක රැස්‌වීමේදී ප්‍රකාශ කර ඇත.
මෙම සතියේ පාර්ලිමේන්තුවේ සිදුකෙරෙන විවාදයන් තීරණය කර තිබෙන බැවින් ඊළඟ සතියේදී අදාළ කරුණ විවාදයට ගත හැකි බව ආණ්‌ඩු පක්‍ෂය පවසා ඇත.
http://www.divaina.com/2015/03/18/news26.html