FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» LankaGPT Platform Launched in Sri Lanka
by God Father Yesterday at 11:46 pm

» Sri Lanka’s Popularity Is Surging With Travelers. Here’s Where To Go
by ResearchMan Yesterday at 1:10 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Yesterday at 1:06 pm

» FINANCE AND LEASING SECTOR
by ErangaDS Yesterday at 10:17 am

» CDB Non voting
by buddikasmart Yesterday at 8:03 am

» Will share market be taxed after new Gazette./manik de silva
by D.G.Dayaratne Mon May 27, 2024 2:14 pm

» Focus on Government controlled entities
by Ekanayake90 Mon May 27, 2024 7:31 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Mon May 27, 2024 7:29 am

» Seylan Bank did not pay final coupon of expired debentures
by Gaudente Wed May 22, 2024 2:32 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by agentnrox Wed May 22, 2024 1:50 pm

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by K.R Wed May 22, 2024 7:46 am

» Richard Pieris Exports PLC (REXP.N0000) future looks bleak!
by God Father Mon May 20, 2024 10:08 pm

» Sri Lanka key Economic Indicators and Future Outlook for 2024
by God Father Mon May 20, 2024 6:06 pm

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by glad Mon May 20, 2024 9:27 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

වැවිලි අංශ‍යේ සමාගම්හි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළට

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed
වැවිලි අංශ‍යේ සමාගම්හි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළට     Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed


 (ඔක්තෝබර් 19) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේ සිටම සමාගම් සියල්ලගේම පාහේ මිල වටිනාකම් සාර්ථක මට්ටමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. අනතුරුව ඇතැම් නිෂ්පාදන අංශයේ සමාගම්හි කොටස් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් අලෙවි කිරීමක්ද දක්නට ලැබුණි.
එසේම වැවිලි අංශයේ සමාගම්හි කොටස් වටිනාකම් කැපී  පෙනෙන ලෙස ඉහළ යාමක්ද පෙන්නුම් කර ඇත. එහිදී සමාගම් බොහෝමයකම වටිනාකම් 10%කට වඩා ප්‍රතිශතයකින් ඉහළ ගිය බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. කෙසේ වෙතත් කොවිඩ් -19 වසංගතය තවදුරටත් ආයෝජන විශ්වාස කෙරෙහි බලපෑම් ඇති කරවමින් තිබෙන බවත් ඔවුන් පවසයි.
මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,946.06 ත් ඒකක 5,987.66 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,946.08 ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) දිනයට සාපේක්ෂව එය ඒකක 0.29 ක් එනම් 0.00%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව සිදු කළ ගනුදෙනුවක් දෛනික පිරිවැටුම සඳහා 1% ක දායකත්වයක් ලබා දී තිබේ.
එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 93ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 109ක මිල ගණන් පහළ යාම සිදු විය.
මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.27), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.69), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.49),  ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.35), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+1.87),  ඩිස්ටිලර්ස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.23), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-4.02),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-3.3),  හේලීස් පීඑල්සී HAYL (-2.76)  සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.21) යනාදී සමාගම්ය.
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,382.72 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) දිනයට සාපේක්ෂව ඒකක 12.29 ක එනම් 0.52%ක ඉහළ යාමකි.
මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.54ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ඔක් 16දා) වාර්තා කළ රුපියල් බිලියන 3.6ට සාපේක්ෂව 30%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.
ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.59ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.23%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 35.32ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 196.36 ක අගයක් ගෙන තිබේ.
දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 161 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.03ක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වැලිබල් පවර් එරත්න පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.23කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 57.67ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 437ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 19% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 468ක සහ රුපියල් මිලියන 462ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.
Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed Embarassed

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien alien
දක්ෂතාව සහිත ප්‍රවීණයන් අතට තේ කර්මාන්තය පත් වුණොත් ඉදිරි වසර 5දී ඉන් ඩො. බිලියන 5ක අපනයනය ආදායමක් උපයන්නට හැකි වේවි” – ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු
Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz Razz

රී ලංකාවේ තේ කර්මාන්තය උපායමාර්ගිකව කළමනාකරණය කළ හැකි සුදුසුකම් සහ හැකියාවන් සහිත විශේෂඥයන් පිරිසක් අතට පත්වුවහොත්, ඉදිරි වසර පහ ඇතුළතදී ඉන් උපයා ගත හැකි අපනයන ආදායම ඩොලර් බිලියන  5ක් බවට පත් කළ හැකි බව ඩිල්මා සිලෝන් ටී පීඑල්සී සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා පවසයි.
2020 මාර්තු 31 වැනිදායින් අවසන් වුණු මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්  ඒ මහතා මේ කරුණු සඳහන් කර තිබේ. විශේෂයෙන්ම අද වනවිට මේට තේ කිලෝවක අපනයන වටිනාකම රුපියල් 600ත්, 2000ත් අතර පවතින බවත් හෙතෙම පවසයි.
“මේ තේ කර්මාන්තය හැකියාවන් සහිත විශේෂඥයන් පිරිසකගේ අතින් උපායමාර්ගිකව කළමනාකරණයට ලක් වුණොත්  ඉදිරි වසර පහේදී ඉන් උපයන අපනයන ආදායම ඩොලර් බිලියන පහක් බවට පත් කරගත හැකි වේවි.” ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය ළගා කරගැනීම සඳහා තේ තොග වශයෙන් අපනයනය කිරීම අධෛර්යමත් කරමින් අගය  එකතු කළ නිෂ්පාදන සඳහා වන අවස්ථාව ඉහළ දැමීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කරයි. එසේම ඒ හරහා ලැබෙන සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද ධෛර්යමත් කළ යුතුව තිබෙන බවත් ඔහු පවසයි.
“මේ අගය එකතු කළ අපනයන හරහා ලැබෙන අමතර ආදායමෙන් කොටසක් ගුණාත්මක බවින් ඉහළ සන්නාම ප්‍රවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒ හරහා මේ තේ තොග අපනයනය කරන්නන්ට ඔවුන්ගේ කටයුතු වෙනස් කිරීමට ධෛර්යයක් ඇති කරාවි.” ඔහු පවසයි.
වැවිලි අංශ‍යේ සමාගම්හි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළට Dilmah-annual-report
මේ අතර, අද වනවිට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි පවසන ඩිල්මා ටී සභාපතිවරයා මේ වසරේදී එය කිලෝග්‍රෑම් මිලියන 200ක් වනු ඇතැයිද සඳහන් කරයි.
“ලංකාවේ තේ නිෂ්පාදනයේ වාර්තාගත ඉහළම අගයකට පත්වුණේ 2013 වසරේදීයි. එවර තේ කිලෝග්‍රෑම් මිලියන 340ක් නිපදවූවා. එහෙත් ගෙවුණු කාලසීමාවේදී එම ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 300 දක්වා පහත බැස්සා. 2020 වසරේදී එම ප්‍රමාණය කිලොග්‍රෑම් මිලියන 200ක් දක්වා තවත් පහතට වැටේවි.”
මෙහිදී ගෝලීය තේ නිෂ්පාදනය අතින් කෙන්යාව ශ්‍රී ලංකාව පසුකරමින් ඉතා හොඳ මට්ටමේ වැඩි තේ නිෂ්පාදනයක් සිදු කරමින් සිටින බවත් ඔහු පවසයි. ඒ අනුව මේ වසරේදී කෙන්යාවේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 500ක් වෙනු ඇතැයිද ඔහුගේ අදහස වී තිබේ.
“කෙන්යාවේ තේ නිෂ්පානදනය ආසන්න වසර කිහිපයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එය වඩාත් ලාබාල තේ කර්මාන්තයක් වීමත්, එහි පවතින නැවුම් පොළොව සහ අඩු සේවක පිරිවැටුම යනාදියේ ප්‍රතිලාභත් එම කර්මාන්තය ලබමින් සිටිනවා. 2013දී එරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 432ක්. එය 2019 දී කිලෝග්‍රෑම් මිලියන 459ක් වුණා. මේ වසරේදී එය කිලෝග්‍රෑම් මිලියන 500ක් පමණ වේවි.”
එහිදී විශේෂයෙන්ම කෙන්යාව CTC – (crush, tear, curl)  තේ නිෂ්පාදනයේ සුවිශේෂීතාවක් දක්වමින් සිටින බවත් එය එරට තේ නිෂ්පාදනය හරහා ලබන ආදායම වැඩි කිරීමට හේතු වී ඇති බවත් මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එසේම දැනට වසර කිහිපයකට පෙරාතුව බහුජාතික සමාගම් කිහිපයක් සහ ඔවුන්ගේ මෙරට නියෝජිතයන් පිරිසක් එක්ව මෙරට තේ නිෂ්පාදනයත් CTC තේ මාදිලියට හුවමාරු කිරීම සඳහා රජයන් දැනුවත් කළ බවත් ඔහු පවසයි. එහෙත් තමන් මේ පිළිබඳව දැනගත් වහාම ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කළ බවත්, මෙරට අපනයනය වෙළෙඳ පොළ පවතින්නේ අපගේ පාරම්පරික, ලෝක සම්මත තේ සඳහා ලැබෙන උපරිම මිලත් සමගින් බවත්, ඒ නිසා මෙම CTC නිෂ්පාදනය වෙත අවධානය යොමු කිරිම වැදගත් නොවන බවත් පෙන්නුම් කළ බවත් ඔහු පවසයි.
“මීට අමතරව ලංකාවේ තේ කර්මාන්තය වෙත සිදුව තිබෙන තවත් දරුණු පහරක් තමයි මේ තේ අලෙවිකරුවන් විසින් තේ ආනයනය කරලා ප්‍රති අපනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටීම. වාසනාවකට මුදල් අමාත්‍යාංශයේ අයවැය යෝජනාවලින් එය ඉවත් කෙරුණා. අලෙවිකරුවන්ගේ එකම අභිප්‍රාය වෙන්නේ ලාභයයි. ඔවුන්ට එය ලැබෙන්නේ කොහෙන්ද කියන දේ වැදගත් නැහැ. ඔවුන් මිල තමන්ගේ එකම ආයුධය බවට පත් කරගනිමින් තමන්ගේ ව්‍යාපාරය රැකගන්න එකිනෙකා සමගින් තරග වදිනවා.”
ඒ අනුව මෙලෙස ප්‍රතිඅපනයනය වෙනුවෙන් මාස හයක කාලයකට තේ ආනයනය සඳහා අවසරය ලබා දීමක් සිදු වුවහොත් සිය තේ නිෂ්පාදනවල මිල ගණන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා පහතට වැටෙන බවත්, එය කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාකරන බවත් ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.
Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow Arrow

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum