Monday, 08 August 2011 13:11
Sri Lanka SEC looking favourably at broker credit
කොටස් මිලදී ගන්නන්ට ණය ලබාදීම සම්බන්ධයෙන් පනවා තිබෙන සීමා ඉවත් කරන ලෙස තැරැව්කාර සමාගම් කළ ඉල්ලීම ඉටු කිරීම කෙරෙහි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අවධානය යොමුවෙයි.
මෙරට ක්‍රියාත්මක වන කොටස් තැරැව්කාර සමාගම් වලින් බහුතරය මීට සති දෙකකට පෙර සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා සිටියේ අඩුම ගණනේ තැරැව්කාර සමාගම්වල ප්‍රාග්ධනයට සමාන ප්‍රමාණයකින් හෝ කොටස් මිලදී ගන්නන්ට ණය ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් පැවසුවේ සුළු පරිමාණ කොටස් මිලදී ගන්නන්ට ණය ලබාදීමට පනවා තිබෙන සීමා ඉවත් කිරීම පිළිබඳව මේ වනවිට අවධානය යොමුව
තිබෙන බවත් මේ පිළිබඳව තීරණයක් මේ සතියේදී ගැනීමට සූදානම් බවයි
www.vimasuma.lk