ෆස්ට් කැපිටල් සමූහය විසින් DNH ෆයිනෑන්ෂල් නැමති කොටස් තැරැව්කාර සමාගම මිලදී ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගම් සමූහයේ සමූහ අධ්යක්ෂවරයෙකු වන ජෙහාන් ඉස්මයිල් මහතා මෙසේ අදහස් දැක්වීය.
“මෙය උපාය මාර්ගික අත්පත් කර ගැනීමක්. අපි ණය සම්බන්ධයෙන් ඉතාමත් ශක්තිමත්. නමුත් අපි සතුව ඇත්තටම කොටස් ව්යාපාරික කටයුතු නෑ.“
සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම ගනුදෙනුව රුපියල් මිලියන 180 ක් පමණ වනු ඇති බවයි.
DNH Financial සමාගම අයත්ව තිබුණේ Environmental Resources සමාගමටයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=723753353