Thursday, 15 September 2011 15:18
මසක් තුළදී සමහර සමාගම් වල කොටස් මිල ගණන් සියයට 450 කින් වැඩිවූ අවස්ථා තිබුණු බවත් සිද්ධාන්ත මත පිහිටා ආයෝජනය කරන්නන් කොළඹ කොටස් වෙළඳපොළ හැරයාම ආරම්භ කර තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෙකු කියයි.
පසුගියදා කොළඹදී පැවති 08 වන LBR LBO CFO forum නැමති සමුළුවේදී අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, LR Global සමාගමේ වත්මන් ප්‍රධානී චන්න ද සිල්වා මේ බව සඳහන් කළේය.
කොටස්වල සිද්ධාන්ත දෙස බලා ආයෝජනය කරන කොටස් ආයෝජකයින් (value investors) පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළ හැරයාම පටන් ගැනීමට හේතුව කොළඹ මිල ඉපැයුම් අනුපාතය ඉහළ තත්ත්වයත තිබීම බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
2011 මුල් කාලයේදී ප්‍රාග්ධනයෙන් මෙන්ම කොටස් ප්‍රමාණය අනුව බලන විට කුඩා කොටස්වල මිල ගණන් වඩාත් ඉහළ ගිය අතර ඒවා වෙළඳ පොළ සිද්ධාන්ත අනුව බලන විටද දුර්වල තත්ත්වයක තිබුණි.
කොටස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ප්‍රාග්ධනයෙන් මෙන්ම කොටස් ප්‍රමාණය අනුව බලන විට කුඩා කොටස්වල මිල ගණන් පහසුවෙන් වංචා සහගත ලෙස ඉහළ දැමීමේ හැකියාවක් තිබෙන බවයි.
කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කළ සේවකයින් දහ දෙනෙකු සිටි සමාගමක වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියනයක් දක්වා වැඩිවී තිබුණු අවස්ථාවක් පිළිබඳව තමා සතුව උදාහරණයක් තිබෙන බවද මෙහිදී චන්න ද සිල්වා මහතා කීය.
ජනවාරි මාසයේදී Asian Alliance, EB Creasy, Guardian Capital, Indo Malay යන සමාගම්වල කොටස් මිල ගණන් සියයට සියයකට වඩා ඉහළ ගොස් තිබුණි.
“සමහර කොටස් එක් මාසයක් තුළදී සියයට 450 කින් වැඩිවී තිබුණා.“
යනුවෙන් හෙතෙම මෙහිදී කීය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3171&Itemid=56