Sri Lanka LOLC buys full control of resort
බේරුවල පිහිටි Tropical Villas හෝටලයේ සම්පූර්ණ අයිතිය LOLC Leisure සමාගම විසින් අත්පත් කරගනී.
මේ අනුව, මෙම හෝටලයේ ඉතිරි සියයට 40 ක්වූ කොටස් ප්රමාණය මිලදී ගැනීම සඳහා තම සමාගම රුපියල් මිලියන 165 ක් Carbotels සමාගමට ගෙවූ බව LOLC Leisure කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
LOLC Leisure සමාගම 2010 වසරේදී Tropical Villas Ltd (TVL) සමාගමේ සියයට 60 ක කොටස් මිලදී ගත් අතර මෙම හෝටලය සුඛෝපභෝගී සංචාරක බංගලා 50 කින් සමන්විතය.
LOLC Leisure යනු LOLC සමාගම් සමූහයට අනුබද්ධ සමාගමක් වන අතර බේරුවල පිහිටි Palm Garden, Riverina සහ Eden හෝටල් මිලදී ගනිමින් සංචාරක කර්මාන්තයට පිවිසුණි.
පීපල්ස් ලීසිං කොටසක් රුපියල් 18.00 යි
කොටස් මිලියන 390 ක නිකුතුව නොවැම්බර් 03 වනදා විවෘත වේ
මෙරට දෙවන විශාලතම කොටස් නිකුතුව වන පීපල්ස් ලීසිං සමාගමේ කොටස් නිකුතුව නොවැම්බර් 03 වනදා විවෘත වන බවත් මෙහිදී කොටසක් රුපියල් 18.00 කට අලෙවි කරන බවත් සමාගම කියයි.
පීපල්ස් ලීසිං සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙහිදී කොටස් මිලියන 390 ක් නිකුත් කරන බවත් උපයා ගැනීමට යන මුදල රුපියල් බිලියන 07 ක් බවයි.
NDB ආයෝජන බැංකුව හා කැපිටල් එලායන්ස් සමාගම නිකුතුව ඒකාබද්ධව කළමනාකරණය කරයි.