දිනෙන් දින දරුණු අගාධයකට වැටෙමින් සිටි කොළඹ කොටස් වෙළෙඳපොළ ගොඩගැනීම සඳහා, කොටස් තැරැව්කරුවන් සහ ජනාධිපතිතුමන් අතර අද (නොවැම්බර් 28) පැවති සාකච්ඡා සාර්ථක ලෙස අවසන් වී තිබේ. මෙහි දී කොටස් තැරැව්කරුවන් විසින් ඉදිරිපත් කළ බොහෝ යෝජනා හා ජනාධිපතිවරයා එකඟ වී ඇති අතර, එතුමා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින අප රටේ කොටස් වෙළෙඳපොළ සඳහා දැඩි නීතිරීති පැනවීම අනවශ්‍ය දෙයක් බවයි. එමෙන්ම කොටස් වෙළෙඳපොළ ආයෝජනය සඳහා මෙරට ආයෝජකයින් උනන්දු කරනවාසේම විදේශීය ආයෝජකයින් ද ආකර්ෂණය කර ගැනීමට ද කොටස් තැරැව්කරුවන් විසින් පියවර ගත යුතු බව එතුමා අවධාරණය කර ඇත.
visit http://www.lankabusinessnews.com/Sinhala.html for more details