වියට්නාමය හා ලංකාව අතර පවතින බදු නොවන බාධක ඉවත් කර දෙරට අතර ගුවන් ගමන් කටයුතු වර්ධනය කරමින් වරණාත්මක වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අවධානය යොමුවෙයි.
ශ්රී ලංකා හා වියට්නාම නියෝජිතයින් හැනෝයි නුවරදී පැවැත්වූ සාකච්ඡා වලින් පසුව දෙරට අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණෙන් ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කළබව මෙරට විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කරයි.
පසුගිය ඔක්තෝම්බරයේදී වියට්නාම ජනාධිපතිවරයා ලංකාවට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡා වලින් පසුව ඉදිරි වසර තුන තුළදී දෙරට අතර වාර්ෂික වෙළඳ ගනුදෙනු ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට ඉලක්ක කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1521664872