අපි කොටස් වෙළද පොලේ තාක්ෂණික විශ්ලේෂණ භාවිතා කරන්නේ කොටසක වටිනාකම, සිදුවන උච්චවචන වෙනස්කම්, සහ ඉදිරියේදී සිදුවන ක්‍රියාකාරිත්වය විග්රහ කිරීම සදහායි.
මේවා ඔයාලට Share Trading වලිදී විතරක් නෙමෙ, Forex Trading වලදී ද වැදගත් වෙනවා. අපි මේ උත්සහ කරන්නේ මේ chart ගැන දළ අවබෝධයක් ඔයාලට දෙන්නයි. මේමගින් ඔයාලට පුළුවන්වෙයි අඩුමගානේ පොඩි හරි තියන අවදානමකින් ගොඩ එන්න. මේවා හැදිලා තියෙන්නේ සංකීර්ණමය ගණිතමය රාමුවකට අනුවයි. එහෙම කිව්වා කියල බය වෙන්න එපා. සාමාන්‍ය අවබෝධයක් ලබා ගත්තට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි share එක තව up වෙනවද, down වෙනවද කියල. ඒවගේම buy කරන්න ඕනද sell කරන්න ඕනද එහෙම නැත්නම් hold කරගන්න ඕනද කියලත් තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙම තාක්ෂණික විශ්ලේෂණ ස්වභාවිකව පවතින කොටස් වෙළද පොළකදී ඉතා හොදින් වැඩකරනවා. අනික මතක තියාගන්න මේවා වැඩ නොකරන වෙලාවලුත් තියනවා. උදාහරණයක් විදියට ස්වභාවික ව්යසනයන්වලදී,
හොදයි, අපි බලමු මොනවාද මේ charts කියල. මේවට විශේෂ අවේනික නම් තියනවා. උදා:- Candlestick, Parabolic SAR, Bollinger band. MACD. අපි උත්සහ කරන්නේ ඔයාලට වැදගත් ඒවගේම නිතරම පාවිච්චි වෙන Charts කීපයක් ගැන කියල දෙන්නයි.
මේක තමයි chart වල පලවෙනි පාඩම. මේක ගොඩක් ලේසියි ඒවගේම ප්‍රයෝජනවත්. ඔයාලට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදියට තමයි මේක ඉදිරිපත් කරන්නේ.
Last edited by Roboticfx on Mon Mar 26, 2012 9:15 am; edited 1 time in total