සිංගප්පූරු ආයෝජකයින් පිරිසක් ශ්රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
එම පිරිස ලබන 26 වැනිදා දිවයිනට පැමිණෙනු ඇති බව සඳහන්ය.
ජුනි මස 02 වැනිදා දක්වා දිවයිනේ රැඳීසිටින එම ආයෝජකයින් පිරිස රාජ්ය නිලධාරීන් සහ මෙරට ව්යාපාරික ප්රජාව හමුවී සාකච්ඡාවන්හි නිරත වීමට නියමිතය.
මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමුවනු ඇත.
ශ්රී ලංකා - සිංගප්පූරු ව්යාපාරික සමුළුවකට ද මෙම ආයෝජකයින් පිරිස සහභාගී වීමට නියමිතව තිබේ.
ශ්රී ලංකා වාණිජ මණ්ඩලය මෙම සමුළුව සංවිධානය කර ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=24356