(05/05/14)- අද උදැසන ලාභ පියවිම් හමුවේ යම් පසු බැස්මකට ලක් ව තිබු කොටස් වෙළෙඳ පොළ දිනය අවසානයේ ධනාත්මක ප්රවේශයකට ළඟා වනු දක්නට විය.
මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 0.99 කින් ඉහළ යම්න් ඒකක 6249.43 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 10.14 කින් ඉහළ යමින් ඒකක 3445.95 ක් විය.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් විය.
දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය එක්ස්පෝ ලංකා ලබා දුන්නේ රුපියල් මිලියන 270 කිණි.
මෙහිදි ගිවිසගත් ගනුදෙනුවක් මගින් මෙහි කොටස් ලක්ෂ 05 ක් හුවමාරු වුයේ කොටසක් රුපියල් 10.50 බැගිණි.සාමාන්‍ය පුවරුවේද මෙහි කොටස් මිලියන 20 ක් හුවමාරු විය.මෙයින් කොටස් මිලියන 10 ක් කැප්ටල් ඒලායන්ස් හරහා ඇමෙරිකාණු අරමුදල් සමුහයක් විසින් මිළදි ගෙන ඇති බව සදහන්ය.මෙහි පාලන බලය ජපාන සමාගමක් අතට යන බවට පසුගිය සති කිහිපයක් තිස්සේ කතිකා පවතින අතර ඒ අතරතුර ඇමෙරිකාණු අරමුදලක් විසින් මෙම මිළදි ගැනිම් සිදු කර ඇති බව සදහන්ය.
හැටන් නැෂනල් කොටස් 132,000 ක් කොටසක් රුපියල් 158 බැගින්ද,ජෝන් කීල්ස් කොටසක් රුපියල් 235 බැගින් කොටස් 175,200 ක්ද ,හේමාස් හෝල්ඩිංග්ස් කොටස් 558,051 ක් කොටසක් රුපියල් 43 බැගින්ද,සෝෆ්ටිලෝජික් කොටසක් රුපියල් 12 බැගින් කොටස් මිලියන 1.8 ක්ද අද ගිවිසගත් ගනුදෙනු ලෙස හුවමාරු විය.
සාමාන්‍ය පුවරුවේ පිරිවැටුමට ඒයිටිකන් ස්පෙන්ස් දායකත්වය රුපියල් මිලියන 156.2 කි.මෙහිදි විදේශ් විකුණුම් වාර්තා වි ඇත.
කොමාර්ෂල් බැංකුවේ දායකත්වය රුපියල් මිලියන 94 කි.
රිචඩ් පිරිස්,ලක්ෂපාන හා ටෙක්ස්ටර්ඩ් ජර්සිද අද සක්‍රිය විය.ඇක්ම් ප්‍රින්ටිං හා ඒෂියා ඇසෙට් සදහාද උනන්දුවක් තිබිණි.