මෙන්න· ඒ වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරමින් ඔබට නොමිලේ දැනුම ලබාදෙන අතිශයින් ජනප්‍රිය බෙව් අඩවියක් www.srilanka.smetoolkit.org මෙම වෙබ් අඩවිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම කරුණු ඉදිරිපත් කරන අතර ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) මඟ පෙන්වීම අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලය වන ඩයලොග් සම්බන්ධ වී ලංකාවේ ක්‍රියාත්මක වේ.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට නොමිලේ දැනුම ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ මඟ පෙන්වීමෙන් මෙවැනි වෙබ් අඩවි රටවල් රැසකම ඇත.
මෙම වෙබ් අඩවිය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්රයට කෙතරම් වැදගත් කොට සලකන්නේද යත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව අධ්‍යන අංශයේ සිසුන්ට නිර්දේශිත කියවීමේ ග්රන්ථයක් ලෙස මෙය නම් කර තිබේ.
ඒ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව අධ්‍යන අංශයේ ප්‍රධානි ශ්‍යාමන් උදයංග මහතා මෙසේ අදහස් දැක්වීය.
"ලංකාවේ ආරම්භ කරන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලින් සියයට 95 ක් විතරම මුල් අවුරුදු පහ තුළ වැසී යනවා. මෙයට හේතුව තමයි ඔවුන්ට අවශ්‍ය කළමනාකරණ දැනුම නොමැති වීම. එම දැනුම ලබාගන්න තියෙන සිංහල හා දෙමළ පොත් පත්වල තියෙන්නෙ හිඟයක්. මෙම වෙබ් අඩවිය මගින් එම අඩුව සම්පූර්ණ කරනවා.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යැම ඇතුළු ඒ ආශ්රිත විශාල දැනුමක් මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙනවා. ඒ නිසා තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ සිසුන් දැනුම ලබා ගැනීමට කියවිය යුතු පුස්තකයක් ලෙස මෙම වෙබ් අඩවිය නිර්දේශ කර තිබෙන්නේ. මම සිතනවා එම සිසුන්ට විතරක් නෙමෙයි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර පිළිබඳ උනන්දුවන සියලු දෙනාම මෙම වෙබ් අඩවිය කියවීම වැදගත් කියලා..
http://www.divaina.com/2012/06/22/velanda01.html