ඒ අනුව ව්‍යාපාර කිරීමට සුදුසුම රටවල් අතර පළමු තැනට පත්වීමට සිංගප්පුරුව සමත් වී තිබේ.තවද දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවැනි ස්ථානය හොංකොං රාජ්‍යයටත්, සිවුවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, පස්වැනි ස්ථානය දකුණු කොරියාවටත් ලැබී ඇත.
වාණිජ ක්ෂේත්රයේ නීතිමය කටයුතු අධිකරණ මඟින් විසඳා ගැනීම සඳහා කල් ගත වීම සහ සමාගම්වලට බදු ගෙවීම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම යන හේතු මත මෙම වර්ගීකරණය වෙනස් වන බව ලෝක බැංකුව පවසයි.
මේ අනුව ‘Doing Business’ 2015 වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට 99 වන ස්ථානය සහ ඉන්දියාවට 142 වැනි ස්ථානය හිමිව තිබේ.