ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජාතික පුහුණුකරු ගීත් රාජපක්ෂ හා යුනියන් බැංකුවේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර සම්බන්ධීකරණ කළමනාකරු ශිරාන් යටගම යන මහත්වරු සම්පත් දායකයන් ලෙස සහභාගි වූ මෙම පුහුණු වැඩමුළුවලදී කළමනාකරණය, ඵලදායිතාවය, ධනාත්මක ආකල්ප වර්ධනය සහ ක්‍රමවත් හා අඛණ්ඩ මුදල් ප්‍රවාහයක් පවත්වාගෙන යැමේ ඇති වැදගත්කම යන මාතෘකාවන් රැසක් යටතේ ව්‍යවසායකයින් දැනුවත් කරන ලදී. තවද මෙම වැඩසටහන්වල අංගයක් ලෙස යුනියන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ව්‍යවසායකයන්හට බැංකුකරණය සම්බන්ධයෙන් ඇති ගැටළු, ප්‍රශ්න වියත් මණ්ඩලයෙන් විමසා දැන ගැනීමට අවස්ථාව සලස්වා දෙන ලදී.
http://www.divaina.com/2012/07/08/economic04.html