ශ්‍රී ලංකාවේ බැංකු අතර විද්‍යුත් හුවමාරු ගනුදෙනු ක්‍රමය (SLIPS) ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා මහා බැංකුවට අයත් Lanka clear (pvt) Limited ආයතනය සිය 10 වැනි සංවත්සරය නිමිතිකොටගෙන පැවැත්වූ බැංකු සේවා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට සම්මාන දෙකක් හිමිවිය.
25 වසරක අභිමානවත් අපේකම මුසු නව්‍යකරණය වූ බැංකු විසඳුම් සපයන සම්මානනීය ප්‍රමුඛයා වන සම්පත් බැංකුව තාක්ෂණයෙන් අගතැන්පත් සිය අසහාය මෙහෙවර උදෙසා 2011 වසරේ ශ්‍රී ලංකාවේ ජාලගත අන්තර් බැංකු විද්‍යුත් මුදල් හුවමාරු ක්රමයේ (SLIPS) හෙවත් (Sri Lanka Interbank Payment System) මධ්‍ය පරිමාණ අංශයේ වැඩිම හුවමාරු ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කළ ශ්‍රී ලාංකීය බැංකුව (Highest outward volume contributor in SLIPS) ලෙස හා 2011 වසරේ ඉහළම හුවමාරු ගනුදෙනු වර්ධන වේගයක් පෙන්වූ බැංකුව (Bank with the highest growth rate in SLIPS) ලෙස ලංකා ක්ලියර් වෙතින් (Lanka clear - the National clearing House) සම්පත් බැංකුව සම්මාන දෙක දිනා ගෙන ඇත.
මෙම සම්මාන දිනා ගැනීම සඳහා සම්පත් බැංකුවේ SCPS (Sampath Corporate Payment System) නමැති හුවමාරු ගනුදෙනු සිදු කරනු පිණිස නිපද වූ මෘදුකාංග පද්ධතිය මගින් සිදු කරන ලද ගනුදෙනු ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත.
SCPS (Sampath corporate payment system) යනු ආයතනයක/ ව්‍යාපාරයක මුදල් ගෙවීම් සීග්‍රගාමී ලෙස සිදු කළ හැකි දියුණු මෘදුකාංග පද්ධතියකි. එය 100% ආරක්ෂාකාරීව, නිරවද්‍ය ලෙස ක්‍රියාත්මක වේ. ඒ හරහා මිනිත්තුවකින් වැනි සුළු කාලසීමාවකදී එම ජාලය හා සබැඳි ගිණුම් සියල්ලටම මුදල් බැර කිරීම සිදු කෙරේ.
යම්කිසි ව්‍යාපාරයක් මෙම SCPS ක්‍රමයට සම්බන්ධ වී සිටියි. නම් එකී ආයතනයේ මුදල් ලැබිය යුතු සේවකයන්, කොටස් හිමියන්, ගනුදෙනුකරුවන් ආදී ඕනෑම පාර්ශ්වයක් වෙත මුදල් බැර කිරීම අතිශය පහසු හා ලාභදායී ක්‍රියාවලියක් වනු ඇත.
SCPS වෙතින් ලැබෙන ප්රතිලාභ අතර මිනිත්තුවක් වැනි සුළු කාලයකදී ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගිණුම්වලට බැර කළ හැක. වැඩිම ගනුදෙනුකරුවන් පිරිසකට එකවර කෙටි කාලයකදී සේවා සැලසිය හැකි වීම, චෙක්පත් හෝ මුදල් මගින් ගෙවීමට වැයවුණු අමතර වියදම හා මුදල් රැගෙන යැමේ අවදානම මේ හරහා නවතා ගත හැකි වීම, මූල්‍ය ආයතනයන්හි පොලී ගෙවීමේ කටයුතු වැටුප් ගෙවීම, ව්‍යාපාර කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීම වැනි ඕනෑම ආකාරයක ගෙවීමක් අතිශය පහසු හා කාර්යක්ෂම ලෙස සිදු කර ගත හැකි වීම, ආයතනික දත්ත පද්ධතියේ වෙනස්කමක් සිදු කිරීමට අවැසි වුවහොත් ඉතා ඉක්මනින් එකී වෙනස්කම සිදුකොට ගෙවීම් පවත්වාගෙන යා යෑකි වීම, ප්‍රතිලාභීන්ට උතුර නැගෙනහිර ඇතුළු දිවයින පුරා විසිරුණු ශාඛා 209 කින් හා 1600 කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඇති ATM ජාලයක් මගින් පැය 24 ම ප්රතිලාභ අත්විඳිය හැකි වීම, සුපිරි ශාඛා මගින් වසරේ දවස 365 පුරාවටම ගනුදෙනු කළ හැකිවීම, SCPS ක්‍රමයට සම්බන්ධ වන සියලුම ප්‍රතිලාභීන් ඉතිරි කිරීමේ පුරුද්ද වෙත උනන්දු කරවනු ලැබීම.
එමෙන්ම දවසේ පැය 24 පුරාවට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික ගැටලු විස¹ ගැනීම සඳහා ඒ වෙනුවෙන්ම වෙන්වූ කාර්ය මණ්ඩලයක් සිටීම. ආයතනයකින් තමාට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට කරදරකාරී බැංකු පෝළිම්වල රැඳෙන්නට වීම වෙනුවට සම්පත් බැංකුව හඳුන්වා දුන් SCPS මුදල් හුවමාරු ක්‍රමය හරහා එය පහසුවෙන් කරගත හැකිවීමද වේ.
සම්පත් බැංකුවේ ඒකායන අරමුණ ගනුදෙනුකරුවන් හට උපරිම පහසුකම් සැලසීsම හා ඔවුන්ගේ මුදල් ඉතිරි කිරීමට පහසුකම් සැලසීමට සමගාමීව වටිනා කාලයද උපරිම වශයෙන් ඉතිරි කර දීම වන අතර සම්පත් බැංකුවේ තැන්පතු හා ප්‍රෙෂණ ප්‍රධාන කළමනාකාර රෝහණ දිසානායක මහත්මා සහ ශාඛා ජාල සේවා මධ්‍යස්ථානයේ කළමනාකාර හලීන් හෙට්ටිගොඩ යන මහත්වරුන් සමග "දිවයින" කළ සාකච්ඡාවක් ඇසුරින් මෙය සකස් කෙරිණි.
චමින්ද සිල්වා
http://www.divaina.com/2012/07/01/economic01.html