අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගිය අතර දිනයේ පිරිවැටුමට කොටස් මිලියන 25.7 ක් ගනුදෙනු වූ ඩයලොග් ආසිආටා සමාගම විසින් ඉහළ දායකත්වයක් ලබාදුණි.
මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 21.97 කින් පහළ ගොස් ඒකක 4,924.61 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.35 කින් පහළ ගොස් ඒකක 4,357.66 ක් වෙද්දී S&P Sri Lanka දර්ශකය සියයට 0.42 කින් පහළ ගොස් ඒකක 2,797.39 ක්වී තිබේ.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 332.71 ක් වන අතර විදේශීය කොටස් මිලදී ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 183.85 ක්ද විකුණුම් වටිනාකම රුපියල් මිලියන 104.43 ක්ද වේ.
Chevron Lanka කොටසක් රුපියල් 1.60 කින් පහළ ගොස් රුපියල් 170.00 ක් වෙද්දී කොටස් 328,471 ක් ගනුදෙනු වී තිබෙන අතර කොමර්ෂල් බැංකු ඡන්ද රහිත කොටසක් ශත 40 කින් ඉහළ ගොස් රුපියල් 74.00 ක් වෙද්දී කොටස් 366,265 ක් ගනුදෙනු වී ඇත.
මේ අතර, Lanka Walltiles PLC, කොටසකට අදාළව රුපියල් 3.00 ක අවසාන ලාභාංශයක් ප්රකාශයට පත්කර තිබේ.
එසේම, Asian Alliance Assurance PLC සමාගම නිවේදනය කළේ රනිල් පතිරණ මහතා 2012 ජුනි 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය විධායක නොවන අධ්යක්ෂ ධූරයෙන් ඉවත්ව ඇති බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=536644809