ගොවීන්ට ලබාදීම සඳහා රජය තම සමාගම් වලින් ලබාගත් පොහොර වෙනුවෙන් රුපියල් බිලියන 16.0 ක පමණ ණය ගෙවා දැමිය යුතුව තිබෙන බව පොහොර සමාගම් කියයි
AgStar Fertlisers PLC සමාගම පවසන්නේ තම සමාගමට රජයෙන් රුපියල් මිලියන 949 ක මුදලක් ලැබීමට තිබෙන බවත් මේ වනවිට පොහොර සමාගම් අතැති මුදල් හිඟයකට මුහුණ දී සිටින බවයි.
සමාගමේ සභාපති රොහාන් කරුණාරත්න සිය කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන්නේ සහනාධාර වෙනුවෙන් ලබාදුන් පොහොර සඳහා ගෙවිය යුතු මුදල් නිසි කලට රජය විසින් පොහොර ආනයන සමාගම් වලට ලබා නොදීමෙන් සමාගම්වල කාර්ය ප්රාග්ධනය කළමනාකරණය කිරීම හා ලාභදායීතාවයට අහිතකර ලෙස බලපා තිබෙන බවයි.
මුලින් පොහොර සහනාධාරය වී, තේ හා තෝරාගත් වගාවන් සඳහා ලබාදුන්නත් රජය පසුව තීරණය කළේ එය සියළුම වගාවන්ට ලබාදීමටයි.
පොලී අනුපාතය සියයට 10-12 ක මට්ටමක සිට සියයට 16 ක් වැනි අගයක් දක්වා වැඩිවීම නිසා සිය සමාගම්වල පිරිවැය වැඩිවී ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ප්‍රසාද් වීරසේකර පවසා තිබේ.
AgStar සමාගම 2011/12 මුදල් වසර අවසානයේදී රුපියල් බිලියන 1.8 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර එය ඊට ඉහත වසරේ ලැබූ රුපියල් බිලියන 2.9 ක ආදායමට සාපේක්ෂව විශාල පසු බෑමකි.
සමාගම 2011/12 මුදල් වසරේදී කොටසකට අදාළව රුපියල් 1.01 ක ලාභයක් වාර්තා කර ඇත.
වීරසේකර මහතා පවසා තිබෙන්නේ සමාගම අපනයන වෙළඳ පොළට පිවිසීමට අදහස් කරගෙන සිටි බවත් අනුරාධපුරයේ කෘෂි ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක් ආයෝජනය කරන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2037759147