පාඩු ලබන රජයේ ගුවන් සමාගම් සඳහා මේ වසරේ මුල් මාස හය තුළදී බදු ගෙවන්නන්ගේ මුදල් වලින් රුපියල් බිලියන 2.38 ක මුදලක් ලබාදී තිබෙන බව අනාවරණය වේ.
මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන අර්ථ වාර්ෂික පිස්කල් වාර්තාවෙන් මේ බව තහවුරු වන අතර මෙම මුදල් ලබාදී තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හා මිහින් ලංකා ගුවන් සමාගමටයි.
2012 අයවැය මගින් යෝජනා කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 100 ක මුදල් ලබාදීමටයි.
2011 දෙසැම්බර් වලින් අවසන් වන මුදල් වසරේදී මිහින් ලංකා වෙත මෙම අරමුදලෙන්ම රුපියල් බිලියන 3.43 ක් ලබාදී තිබෙන අතර 2011 අප්‍රේල් සිය දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකන් රුපියල් බිලියන 15.5 ක අලාභයක් වාර්තා කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=823803052