සියළු රෙගුලාසි එක්තැන් කරමින් කළාපීය රේගු නිෂ්කාශන කටයුතු වලදී තනි ලියවිල්ලක් භාවිතා කිරීම මගින් කළාපීය වෙළඳ ගනුදෙනු වර්ධනය කළ හැකියැයි විදේශ අමාත්‍ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් කියයි.
දකුණු ආසියානු රටවල් අතර වෙළඳ කටයුතු එම රටවල ධාරිතාවයන්ට වඩා ඉතාමත් අඩු තත්ත්වයක තිබෙන බවත් එය වර්ධනය කිරීම සඳහා එම රටවල තිබෙන වෙළඳ රෙගුලාසි සරල කළ යුතුව තිබෙන බවත් විදේශ අමාත්‍යවරයා පැවසුවේ කොළඹ පැවති වෙළඳ සමුළුවකට සහභාගී වෙමිනි.
සාර්ක් කළාපීය රටවල් යුරෝපීය රටවල් සමග කරන සියයට 55 කට ආසන්න වෙළඳ කටයුතු සමග සැසඳීමේදී කළාපීය රටවල් අතර වෙළඳ කටයුතු සියයට 05 ක් තරම් අඩු ප්රමාණයකි.
සාර්ක් කළාපීය රටවල් සියයට 22 ක් වෙළඳ කටයුතු කරන්නේ ආසියාන් රටවල් සමගය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=887116342