මෙම නව දත්ත මධ්‍යස්ථානය ඩයලොග් ආසිආටා අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය (Axiata Internet Data Centre (IDC) තුළ පිහිටුවා තිබෙන අතර මේ තුළින් ආරක්ෂාකාරි දත්ත සන්නිවේදන විසඳුමක් සමඟ කොමර්ෂල් බැංකු ශාඛා, ප්‍රධාන කාර්යාලය හා ඩයලොග් ආසිආටා අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය අතර සම්බන්ධතාවයක් සපයයි.
ඩයලොග් ආසිආටා අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය (Axiata Internet Data Centre (IDC) මෙරට බැංකු ක්‍රමයට විශාල සේවයක් සලකා තිබෙන්නේ අන්තර්ජාතික අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ කාර්යාංශයට (SWIFT Bureau) ආධාරක සේවය සලසමිනි.
"අපගේ තාක්ෂණයේ තිබෙන විශ්වසනීයත්වය හේතුවෙන් අප බැංකුවේ ගනුදෙනුකරුවන් ඉතා ඉහළ සුව පහසුවක් භුක්ති විඳිනවා. තාක්ෂණය භාවිත කිරීමේ ප්රමුඛයාවීම අපගේ අරමුණුවල කොටසක් වන නිසා අපි තීරණය කළා, ඔබගේ යටිතල පහසුකම් හා දත්ත අයිතිය තබා ගනිමින් හා කළමනාකරණය කරමින් ඉතා උසස් පහසුකම් කළමනාකරණයක් ලබාදෙන්න. අපගේ ගුණාත්මක විශේලේෂණයට ආධාර වී තිබෙන්නේ සවිස්තරාත්මක තාක්ෂණය, මූල්‍ය අවදානම් හා විගණන පරීක්ෂා කිරීම්, ඩයලොග් සමග ඒකාබද්ධ වීමට ගත් තීරණයෙන් පිළිබිඹු වන්නේ අපගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඔවුන් දක්වන අනුකූලතාවය පිළිබඳව අපගේ තිබෙන තෘප්තියයි", යනුවෙන් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරි රොහාන් මුත්තයියා මහතා සඳහන් කළේය.
http://www.divaina.com/2012/09/25/velanda02.html