පසුගිය කාලයේදී දිගින් දිගටම අව ප්රමාණය වූ රුපියලේ අගය අද දිනයේදී ඉහළ යන ප්රවණතාවයක් පෙන්නුම් කළ අතර ආර්ථික විශ්ලේෂකයින් පුරෝකතනය කරන්නේ ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් වනු ඇති බවයි.
අද දිනයේ ගනුදෙනු ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 132.70/133.00 ක් පමණ වූ අතර පසුව රුපියල් 131.50/80 ක් දක්වා පහළ බව මුදල් වෙළෙඳුන් පවසයි.
පසුගියදා රජය වෙනුවෙන් මහ බැංකුව ඩොලර් බිලියනයක බැඳුම්කර නිකුතුවක් කළ අතර පසුගිය කාලයේදී මෙරටට වැඩි ප්රාග්ධන ප්රවාහයක් ගලා ආවේය.
මේ නිසා, ණය වර්ධනය තවමත් ඉහළ මට්ටමක තිබුණත් මහ බැංකුව ඩොලර් මිලදීගෙන බැංකු ක්රමයට රුපියල් ඇතුළු කිරීමට කටයුතු කළේය.
මහ බැංකුව සිය භාණ්ඩාගාර බිල්පත් තොගයෙන් සුළු කොටසක් පසුගියදා අලෙවි කළ අතර ප්රතිපත්ති පොලී අනුපාතද ඉහළ නොදැමීමට තීරණය කළේය.
මෙම ප්රවණතාවය ඉදිරියටත් පැවතුණහොත් රුපියල තවත් ශක්තිමත් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2079593010