රුපියල අද උදෑසන තවත් ශක්තිමත් වූ අතර ඩොලරයක මිල රුපියල් 130.90/131.05 ක් දක්වා අඩුවූ බව මුදල් වෙළෙඳුන් කියයි.
මේ වසර ආරම්භයේදී ගත් ප්රතිපත්තිමය තීන්දු කෙරෙහි විනිමය අනුපාතය ප්රතිචාර දක්වා තිබෙන බව ඩොලරයට සාපේක්ෂව සිකුරාදා දිනයේදී රුපියල විශාල ලෙස ශක්තිමත්වීම පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කීය.
සිකුරාදා ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 131.60/70 ක් දක්වා අඩුවූ අතර එදින ගනුදෙනු ආරම්භ වනවිට ඩොලරයක මිල තිබුණේ රුපියල් 132.70/133.00 ක මට්ටමකයි.
ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ ඉදිරියේදී රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=1873677978