ජෝන් කීල්ස් සමාගමට අයත් Tea Smallholder Factories Plc සමාගම 2012 ජුනි කාර්තුවේදී රුපියල් මිලියන 23.9 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් මිලියන 9.1 ක පාඩුවකි.
මේ අනුව, ගෙවුණු ජුනි කාර්තුවේදී සමාගම කොටසකට අදාළව ශත 80 ලාභයක් වාර්තා කර තිබේ.
කුඩා තේ වැවිලි කරුවන්ගේ මෙම කර්මාන්ත ශාලා කුඩා තේ වැවිලි කරුවන්ගෙන් අමු තේ දළු මිලදී ගෙන තේ කුඩු නිෂ්පාදනය කරයි.
2012 ජුනි කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 22 කින් වර්ධනය වී රුපියල් මිලියන 620 ක්වූ අතර අලෙවි පිරිවැය සියයට 13 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 570 ක් විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=892750467