මේ අනුව, 2012 ජුනි කාර්තුවේදී PABC බැංකුවේ ලාභය රුපියල් මිලියන 159 ක්වී තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 24 ක පහළ යාමකි.
බැංකුවේ ලාභ මෙසේ පහළ යාමට හේතුවී තිබෙන්නේ පොලී වියදම් විශාල ලෙස ඉහළ යාම නිසා බව හෙළිවේ.
මේ අනුව, ජුනි කාර්තුවේ බැංකුවේ කොටසකට අදාළ ලාභය ශත 54 ක්වී තිබෙන අතර මේ වසරේ මුල් මාස හය තුළ කොටසකට අදාළව රුපියල් 1.21 ක ලාභයක් වාර්තා කර තිබේ.
බැංකුව මුල් මාස හය තුළදී රුපියල් මිලියන 356 ක ලාභයක් ලබා තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 12 ක අඩුවීමක් බව අනාවරණය වේ.
මේ අතර, මෙරට ප්රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස්හි 2012 ජුනි කාර්තුවේ ශුද්ධ ලාභය සියයට 34 කින් වැඩිවී රුපියල් මිලියන 1,658 ක්වී තිබේ.
මේ අනුව, සමූහය ජුනි කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 1.95 ක ලාභයක් වාර්තා කරද්දී ආදායම සියයට 26 කින් වර්ධනය වී රුපියල් බිලියන 20.1 ක්වී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1550727322