ශ්‍රී ලංකාවට විදේශයන්ගෙන් වැඩිපුර ණය ලබාගත හැකි වුවත් රජය හා සමාගම් විසින් එහි අවධානම කළමනාකරණය කරගත යුතුබව ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය අවධාරණය කරයි.
පිරිවැය අඩුවෙන් විදේශයන්ගෙන් ණය ගත හැකි වුවත් අවධානම් කළමනාකරණය කරගත යුතු බවත් විශේෂයෙන්ම දේශීය වශයෙන් සංවර්ධිත හුවමාරු වෙළඳ පොළවල් නොමැති විට මෙම අවධානම් වැඩි බවත් සඳහන්ය.
මෙම අවධානම් විදේශීය මුදල්, ප්‍රතිමූල්‍යකරණය හා රජයේ ණය ස්වභාවය මත කේන්ද්‍රීය වනබව සඳහන්ය.
ෆිච් වැඩිදුරටත් පවසා තිබෙන්නේ අපනයන කරුවන් ගනුදෙනු කරුවන් ලෙස සිටින නිසා වාණිජ බැංකු වලට අවධානම් අඩුකර ගැනීමේ හැකියාවක් තිබෙන බවත් විශාල සමාගම් වලට විදේශීය ණය තාර්කික මට්ටමක් දක්වා පාලනය කිරීමෙන් අවධානම් කළමනාකරණය කිරීමට අවස්ථාවක් තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=697601121