විදුලි කප්පාදුවක් ක්රියාත්මක වන අවස්ථාවක ඇමරිකානු සමාගමක් විසින් මෙරට වෙළඳ පොළට පරිසරයේ තිබෙන ස්වභාවික එලිය මගින් නිවාස හා කාර්යාල ආලෝකමත් කරගන්නා උපකරණයක් හඳුන්වා දෙයි.
මෙම උපකරණය මගින් පරිසරයේ පවතින ස්වභාවික අලෝකය උකහාගෙන පරාවර්තන ක්රියා වලියක් මගින් නිවසක හෝ කාර්යාලයක ඕනෑම ස්ථානයක් ආලෝකකරණය කරගත හැකිබව අදාළ සමාගම විසින් පවසා තිබේ.
කැලිෆෝනියාව පදනම් කරගත් මෙම සමාගම Solatube International Inc යනුවෙන් හඳුවන අතර ඔවුන් සංවර්ධනය කර තිබෙන ස්වභාවික ආලෝකය ලබාගන්නා මෙම උපකරණය Solatube Daylighting පද්ධතිය යනුවෙන් හඳුන්වයි.
බලශක්තිය ඉතිරි කර ගැනීම ඇතුළු පහසුකම් නිසා මෙම පද්ධතියට ලෝකය පුරා හොඳ ඉල්ලුමක් තිබෙන බව සමාගම පවසා තිබේ.
“මෙම ක්රමය නිවසක හෝ කාර්යාලයක ඕනෑම තැනක් ආලෝක කිරීමට යොදාගත හැකියි.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Solatube සමාගමේ ගෝලීය වෙළඳ අධ්යක්ෂ ප්රැට්රික් ඩිකේ කීය.
මෙවැනි එක් උපකරණයක් සවි කිරීමට රුපියල් 65,000 ක පමණ මුදලක් වැයවන අතර Solatube සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ Sunpower Systems (Pvt) Ltd සමාගමයි.
මේ වනවිටත් මෙවැනි පද්ධති Toyota, Procter and Gamble, Unilever, Philip Moris හා Pepsico යනු බහු ජාතික සමාගම් විසින් භාවිතා කරන බව සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=985119269