ඇමරිකානු එක්සිම් බැංකුවේ ණය මත ඩොලර් මිලියන 64.9 ක ජල සැපයුම් පද්ධතියක් කැලිෆෝනියාව පදනම් කරගත් Tetra Tech සමාගමෙන් ලංකාව මිලදීගෙන තිබේ.
ඇමරිකානු අපනයන හා ආනයන බැංකුව (Export-Import Bank) මෙම ණය මුදල වසර 12 ක් සඳහා ලබාදී තිබෙන අතර 2008 වසරෙන් පසුව මෙම බැංකුව ලංකාවට ණයක් ලබාදී තිබෙන පළමු අවස්ථාව මෙයයි.
ඇමරිකානු එක්සිම් බැංකුව පවසන්නේ මෙම ජල සැපයුම් පද්ධතිය මගින් බදුල්ල, හාලි ඇල හා ඇල්ල ප්‍රදේශවල ජනතාවට ජලය ලබාදීමට කටයුතු යොදා තිබෙන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Tetra Tech සමාගමේ සභාපති Dan Batrack පවසා තිබෙන්නේ ජාත්‍යන්තර ගනුදෙනු කරුවෙකු වෙනුවෙන් නිර්මාණය කර ගොඩනගන පදනම මත සම්පූර්ණ ජල සැපයුම් ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු එක්සිම් බැංකුව ණය ලබාදුන් පළමු අවස්ථාව මෙය බවයි.
මෙරට යටිතල පහසුකම් ගොඩනැගීම වෙනුවෙන් ආනයන අපනයන බැංකුවල ණය ලබාගැනීමට ලංකාව පසුගිය කාලයේදී වැඩි නැඹුරුවක් දැක්වූ අතර මෙහිදී චීන ආනයන හා අපනයන බැංකුවට වැඩි ප්රමුඛත්වයක් හිමිවිය.
ඇමරිකාව පසුගිය කාලයේදී ලංකාවට වැඩිපුර ණය ලබා නොදුන් අතර වැඩිපුර ලබාදුන්නේ යළිත් නොගෙවිය යුතු සහනාධාරයි.
පසුගිය වසර 15 තුළදී ඇමරිකාව ලංකාවට ඩොලර් මිලියන 225 ක ආපසු නොගෙවිය යුතු ප්‍රදාන ලබාදී තිබෙන අතර ලබාදී තිබෙන්නේ ඩොලර් මිලියන 33 ක ණය පමණි.
චීනය මෙරටට ඩොලර් බිලියන 2.9 ක ණය ලබාදී තිබෙන අතර ප්‍රදාන ලෙස ඩොලර් මිලියන 105.3 ක් ලබාදී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1211966718